උද්ධමනය පහළට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 9.2හි …

Continue Reading

අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය …

Continue Reading

‘පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න’ – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත්  ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ  පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් …

Continue Reading

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ගැන ‘අගමැතිගේ අලුත්ම ස්ථාවරය’

‘කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැතැයි‘ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කාල්ටන් නිවසේ පැවැති හමුවකදී මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පැවසීය. මෙහිදී අගමැතිවරයා මෙසේ ද අවධාරණය කළේය.  ‘ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම  හිතන්නෙ වෘත්තිය …

Continue Reading

ලිංගික ක්‍රියාකාරීත්වය ප්‍රබල කරන ස්වභාවික ආහාර මොනවාද ?

පුද්ගල ලිංගික ආශාවන් අවුළුවා ලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවෙන ආහාරයක් වේනම්, එය ඉක්මනින්ම විකිණී අවසන් විය හැක. සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ වීමට හේතු වන බව විශේෂඥ මතයයි. එහෙත් ඒ අතරම ඊට හේතුවිය හැකි වාජීකරණ ගුණයක් සහිත (ලිංගික ක්‍රියාකාරීත්වය නංවාලන) සුවිශේෂී ස්වාභාවික ආහාර වර්ග තිබේද? සතුට දල්වාලීමට ඉවහල් වෙන පෝෂ්‍යදායී …

Continue Reading

අලි-මිනිස් ගැටුමට අඩු වියදම් සරල විසඳුම්

මෙම ගැටලුවට විසඳුම් කොළඹ වායු සමීකරණය කළ කාමරවල සිට දිය නොහැකිය. මුලින්ම අලි රංචුවල හැසිරීම නිරීක්ෂණය කිරීම, ඩ්‍රෝන තාක්ෂණ වැන්නක් භාවිත කොට කළ යුතුය. ඉන් අනතුරුව ක්ෂණික මෙහෙයුම් කළ හැකි ඒකකයක් පිහිටුවිය යුතුය. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා දැඩි සැලකිල්ලෙන් එය අවම කිරීමට ජාතික මට්ටමේ ක්‍රමෝපාය සැකැසිය යුතු වේ. එය පැති කිහිපයකින් කරුණු සලකා බලා …

Continue Reading

එළවළු සහ පලතුරුවල ආදි කාලීන මුතුන් මිත්තෝ මොන වගේ ද ?

‘ජාන වෙනස් කළ එළවළු සහ පලතුරු වලට‘ අපි අද ද්වේෂ කරන අතර පිළිකුලෙන් යුතුව බැහැර කරමු. එහෙත් ඔබ අද මහත් සතුටින් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු සියල්ලම වාගේ මීට සියවසකට පමණ පෙර, ඇතැම් විට සියවස් ගණනාවකට පමණ පෙර පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ නොදැන සිටිනවාට කිසිම සැකයක් නැත. කතාව ඇත්ත ! ඔබ අද රසවත් සහ තෘප්තිමත් ලෙස ආහාරයට …

Continue Reading

Covid vaccines: අනුමත එන්නත් සහ අනෙක් ඒවා ගැන අලුත්ම තොරතුරු

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත ලංකාවේ මේ වන විට ලබාදී සිදු වෙනවා. ඒ අතර රජයේ ආරංචි මාර්ග කියන්නේ චීනයෙ නිෂ්පාදිත එන්නතකින් ද මාත්‍රා ලක්ෂ 03ක් ළගදීම ලැබීමට නියමිත බවයි. ඒ අතර අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ද පසුගිය දා එන්නත් මිලියන 3ක් මිලදී ගැනීමක් ගැන සදහන් කළා. …

Continue Reading

සම පැහැපත් කිරීම සඳහා Homemade රූපලාවන්‍ය උපදෙස් 10ක්

විවිධ සන්නනම් නාම යටතේ වෙළෙඳපොළට එන සම පැහැපත් කරන, සමේ ආසාදන වළක්වා ලන (කුරුලෑ ආදි) නිෂ්පාදන සම්බන්ධයෙන් දැන් අන් කවරදාටත් වඩා ගැටලූ පවතී. ඒවායේ අන්තර්ගතය, මිල පමණක් නොව අදාළත්වය ගැන ද දැඩි විවේචන පවතී. මේ තත්ත්වය තුළ ඔබ අවංකව උනන්දුවන්නේ නම් එකී රූපලාවන්‍ය නිෂ්පාදනවලට වඩා සිය දහස් වාරයක් අනර්ඝ රූපලාවන්‍ය නිෂ්පාදන රැුසක් ඔබට නිවසේදීම සදා ගෙන භාවිතා කළ හැකිය. අවශ්‍ය …

Continue Reading

Covid-19 එන්නත්කරණය: ඔබ දැනගත යුතු ‘HPB නිල තොරතුරු’

කොවිඩ්-19 සදහා එන්නත්කරණ වැඩසටහන් මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් එන්නත හා සම්බන්ධ ජනතාවට වැදගත් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ‘‘කොවිඞ්-19 එන්නත්කරණය – එන්නත ලබන්නන් සඳහා දැනුවත් කිරීමේ සැසිය“ නමින් පිටු 19ක පොත් පිංචක් නිකුත් කර තිබෙනවා. මෙම ලිපිය එකී පොත් පිංච මගින් කළ ඍජු උපුටා ගැනීමක් – ප්‍රධාන සංස්කාරක කොවිඩ්වලට එරෙහි එන්නත යනු …

Continue Reading