
ඇඳුමක වටිනාකම සහ සුන්දරත්වය කෙරෙහි බලපාන කරුණු රැසක් තිබෙනවා. ඒ අතර ‘වර්ණයට’ හිමිවන්නේ ප්රමුඛ තැනක්. එය බාල – තරුණ, කාන්තා – පිරිමි, ධනවත් – නිර්ධන කියලා වෙනසක් නැහැ. ඒ වගේම අවස්ථාව අනුවත් එය ඉතාම වැදගත්.
පොදුවේ විලාසිතා ලෝකයේ පිළිගන්න කරුණක් වන්නේ ‘දීප්තිමත් වර්ණ’ වඩාත් ආකර්ෂණීය බවයි. එමගින් සිරුරට වගේම මනසටත්, හැඟීම්වලටත් උත්තේජනයක් ලබා දෙන බවයි.
එපමණක් නොවෙයි දීප්තිමත් වර්ණ ඇඳුමක් ඇඟලා සිටින ඔබ ඕනෑම තැනක කැපී පෙනෙනවා. ඉතිං මේ සියල්ල එක්කළ විට දීප්තිමත් වර්ණ ඇඳුමක් කියන්නේ සුන්දර කතාවක්.
ඒත් අපි මේ කතා කරන්න යන්නේ ඊටත් වඩා බොහෝ දුර ගිය කතාවක්. ඒ තමයි විලාසිතා ලෝකයේ නවතම ප්‍රවණතාව වන Bright Prints විලාසිතා ඇඟළුම් ගැන. අපි මෙහිදී සුපුරුදු ලෙස ඔබට හඳුන්වා දෙන්නේ අපට වඩාත් සමීප, අපි වඩාත්ම ආදරය කරන බොලිවුඞ් සහ හොලිවුඩ් සුපිරි තරුවල Bright Prints විලාසිතා.
සෝනම් කපූර්-අහුජා / Sonam Kapoor-Ahuja

ඔලිවියා කල්පෝ Olivia Culpo

ආලියා බාට් Alia Bhatt

සාරා අලි ඛාන් Sara Ali Khan

බ්‍රිටනි සේවියර් Brittany Xavier

ක්‍රිති සනොන් Kriti Sanon

භූමි පද්නෙකර් Bhumi Pednekar

මලිකා අරෝරා Malaika Arora

බෙලා හැඩිඩ් Bella Hadid

දීපිකා පදුකෝන්

Text by – Femina