බැංකු ණය අයකර ගැනීම මාස 6කට අත්හිටුවන බව ජනපති කියයි
- RSL
- March 17, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සදහන් කළේය.

