බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම මානසික වෛද්‍යවරයාණෝය

වෛද්‍යවරු කායික වෛද්‍යවරුය (ශරීරගත ලෙඉට වෙදකම් කරන්නෝය) මානසික වෛද්‍යවරුය (සිතේ හට ගත් ලෙඩට වෙදකම් කරන්නෝය) යි කොටස් දෙකකින් යුත්ත ය. එසේ ම රෝග ද කායික රෝගය, මානසික රෝගය යැයි කොටස් දෙකකින් යුත්ත ය. ‘‘මහණෙනි, රෝගයෝ දෙදෙනකි. කායික රෝගය, මානසික රෝගය කියා. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, හළිහක්, පනහක් ඇතැම් විට සියයක් නිරෝගීව වසන …

Continue Reading

20ට එරෙහි පෙත්සම් 32ක නීතිඥවරුන්ගේ දේශන අවසන්

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 32 පිළිබඳ විභාගය අද  (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර නඩු විභාගය පස්වරු 7.20 දක්වා පැවැත් විණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත් වේ. …

Continue Reading

බොහෝ දේශපාලනඥයින් පිරිහුණේ භාර්යාවන් නිසයි – අගමැති මහින්ද

බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩීමේ උත්සවයේදී පැවසීය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ”ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්.ජයවර්ධන යුගයේ නොපළ කතා”කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ”එලීනා ජයවර්ධන – චරිතයක කතාවක් ” යන කෘතීන් එළිදැක්වීම මෙහිදී …

Continue Reading

විදේශවල සිට මෙරටට එන්නෙම කොරෝනා ආසාදිතයින් – වසංගත රෝග විද්‍යා අංශය

මෙරට තුළ කොවිඩ්-19 අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවධානමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය සමරවීර මහතා මෙසේ ද සදහන් කළේය. ‘මාස දෙකකට අධික …

Continue Reading

දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු දීමට තිත

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පස්වරුවේ පැවැසීය. සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම හමුවේදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවතා …

Continue Reading

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව – ජනපති නව තානාපතිවරුනට කියයි

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්.  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව. මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී තමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ ශ්‍රී …

Continue Reading

උප්පැන්න සහතික සම්බන්ධ නීතියේ ඔබ නොදැන සිටි සියලුම කරුණු

‘උප්පැන්න සහතිකය’ අපේ ජීවිතයේ වැදගත් ම සහතිකවලින් එකක්. ඒත් එහි නිමක් නැති ගැටලු බොහෝ දෙනකුට තිබෙනවා. ඒත් ඒ ගැන නිවැරදි දැනුමක් ඔවුන් බහුතරයකට නෑ. ඒ නිසා සිදුවන ගැටලු සහ ඇතැම් විට දරන්න වන වියදම අති විශාලයි. මේ ලිපිය මගින් උප්පැන්න සහතිකය සම්බන්ධ සියලු ගැටලු ගැන විධිමත්ව සාකච්ඡා කරනවා. උප්පැන්න සහතිකයක් යනු කුමක් ද ? දරු උපතක් සිදුවුණාට පසු උපත් හා …

Continue Reading

තුරන් කළ බව සිතා සිටි වී වගාව වැනසූ ‘ගොක් මැස්සා’ යළි එළි බසී

වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින් එළඹෙන මහ කන්නයේ වී වගාව ගොක්මැස්සාගෙන් ආරක්ෂාකරගැනීම සදහා පූර්ව ප්‍රතිකර්ම යෙදීම ඉතා වැදගත්ය. ගොක් මැස්සා යනු සැඟව පහරදෙන සතුරෙක් යයි හැඳින්වූවාට වරදක් නැත. වී වගාවේ ප්‍රධානතම පලිබෝධකයෙකු ලෙස …

Continue Reading

කොවිඩ් – 19 අභියෝග හමුවේ පාසල් අරඹන්නැයි දරුවන් කළ ඉල්ලීම අපි ඉටු කළා – අගමැති

කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) වන දින පැවසීය. කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින්  අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. හින්දු විද්‍යාලයේ 2019 වසරේ අධ්‍යාපන හා විෂය සමඟdමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී අග්‍රාමාත්‍යවරයා …

Continue Reading

ඉහළ තාක්ෂණය භාවිතා කර මහා පරිමාණ කිරිගොවිපළ 10ක් ආරම්භ කරනවා

දේශීය ආයෝජකයින් දිරිගැන්වීම හරහා මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. ඉදිරි වසර කිහිපය ඇතුළත මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් නව ආයෝජකයින් කිරි නිෂ්පාදනය සඳහා යොමු කිරීමට රජය බලාපොරොත්තු වෙයි. ඒ අනුව මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් වැවිලි සමාගම්වල දායකත්වයෙන් නව කිරි ගොවිපළ 10ක් ඇතිකිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන …

Continue Reading