20 න් බිහිවන ආණ්ඩුව සහ ජනපතිගේ ඉරණම ගැන විජේදාස රාජපක්ෂ කරන හෙළිදරව්ව

රජය විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් බිහිවන්නේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් වත්මන් ජනාධිපතිවරයාට සිදුවන්නේ ජනාධිපති ධුරය නැමති බලවත් අසිපත මුවහත් කිරීමට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා. මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළා. “රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී …

Continue Reading

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR …

Continue Reading

සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා. රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු …

Continue Reading

රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා ක්ෂණිකව කෝපා කමිටුවට දැනුම්දීම සදහා ක්‍රමවේදයක්

රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව ක්ෂණිකව  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා)  දැනුම්දීම සදහා ක්‍රමවේදයක් සැකසීමට එම කාරක සභාවේ අවධානය යොමු විය. කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (06) එය රැස්වූ අවස්ථාවේ මේ පිළිබදව සාකච්ජා විය. කෝපා කමිටුව පිළිබඳව එහි සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැති මෙම කාරක සභා රැස්වීමේදී වැඩිදුරටත් අදහස් …

Continue Reading

ප‍්‍රධාන මාර්ගයේ ‘දුම්රිය නොනවත්වන’ ස්ථාන

ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.     ඒ අනුව ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ,හීන්දෙණිය පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය. කොරෝනා අවදානම සහිත ප්‍රදේශවලින් මගීන් දුම්රියට ගොඩවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Continue Reading

මිනුවන්ගොඩ Brandix සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දුන් බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු …

Continue Reading

මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර 569 දක්වා ඉහළට

කොවිඩ්-19 ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

ගම්පහට යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට යළි දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ වන විට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Continue Reading

දිවුලපිටිය කොරෝනා පොකුර 321ට නගී

අද (06) දින පෙරවරු 09.00 වන විට දිවුලපිටිය කොවිඞ්-19 පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 321ක් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම ආසාදිතයින් අතරින් 220 දෙනකු අද (06) දින වාර්තා වී තිබෙනවා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ආසාදිතයින් සියලූ දෙනාම බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන් බවයි. ඔවුන් සියලූ දෙනාම නිරෝධායනයට ලක්කර ඇති බව ද අදාළ වාර්තාවේ වැඩි …

Continue Reading

Covid-19: Brandix පොකුර ගැන ‘වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී’ කියන කතාව

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය  පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී,  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම හා සමගාමීව ඇතිවූ කොවිඩ් 19 වෛරසය  සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව අද දින (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී, එම කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම හා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර …

Continue Reading