හෙට පාර්ලිමේන්තුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමාවේ

හෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව හෙට දිනයට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 …

Continue Reading

ලංකාවේ කුණු කන අලි ජාත්‍යන්තර ඡායාරූප තරගාවලියක පළමු තැනට

Royal Society of Biology (RSB) photography competition. ආර්එස්බී වසරේ තරුණ ඡායාරූප ශිල්පියාගේ ජයග්‍රාහකයා (Winner of the RSB’s Young Photographer of the Year) වූයේ ලංකාවේ 14 හැවිරිදි අශ්වින් ගීර්තන් (Ashwin Geerthan)ය. ‘කුණු කන අලි’ ලංකාවේ අපිට අපූරු අත්දැකීමක් නොවෙයි. අපි ඒ දිහා බලන්නේ කනගාටුවන්. මොකද මේක දැවැන්ත පරිසරික ප‍්‍රශ්නයක් වගේම අපේ පරිපාලනයේ ‘අඳුරු පැත්ත’ පෙන්වන කැඩපතක්. ඒ නිසා කුණු කන අලින්ගේ …

Continue Reading

දුඹුරු චොක්ලට්වල ‘විස්මිත සෞඛ්‍ය වාසි’ 08ක් හෙළිවෙයි

‘ජීවිතේ චොක්ලට් කන්දක් වෙනවා නම්’ කියලා හිතන අය අපි අතර ඔ්නෑ තරම් ඉන්නවා. ඒ වගේම චොක්ලට් කියන්නේ ‘ආදරයේ’ සංකේතයක්. තමන්ගේ පෙම්වතියට චොක්ලට් එකක් නොදුන් පෙම්වතෙක් සොයා ගැනීම කළුනික සොයා ගැනීම වගේ දුෂ්කර එකක් බවට සැකයක් නැහැ. ඒ වගේම දෙමාපියන්, වැඩිහිටියන් ද බාලයින්ට තමන්ගේ ආදරය පෙන්වන්න චොක්ලට් ගෙනත් දෙනවා. මේ චොක්ලට් ගැන අපි කවුරුත් දන්න ‘පොදු කතාව’ ඒත් චොක්ලට් ගැන තවත් …

Continue Reading

කාබනික පොහොර ප‍්‍රවර්ධනය මැද රසායනික පොහොර හිඟයක් ?

ලාංකීය ගොවි මහතුන්ගේ මැසිවිලි හඬ නිරන්තරයෙන් දිවයිනේ නන් දෙසින් මතුවීමට පටන් ගෙන ඇත. ඔවුන්ගේ ගොවිතැන් සම්බන්ධයෙන් වූ මූලික ගැටලුවලට පවා අද වන විට දක්නට ඇත්තේ විසඳුම්වලට වඩා තාවකාලික පැලැස්තරය. වකුගඩු රෝගය ගොවීන් මුහුණදෙන දැවැන්ත ප්‍රශ්නයකි. පැලැස්තර මිස විසඳුම් නැත. අස්වනු අලෙවි කරන්නට හමුදාව දැම්මාට එයද විසඳුමක් නොවීය. ඒ අතරතුරේ ගොවීන් වරින් වර මුහුණදෙන අනෙක් ප්‍රශ්නය වන්නේ පොහොර හිඟයය. අනුන් මත …

Continue Reading

ඩෙංගු හිස එසවීම වැළැක්වීමට ජාතික මදුරු මර්දන සතියක්

ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති කොරෝනා පැතිර යාමේ උවදුර මැද ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සදහා ඔක්තෝබර් 14වනදා සිට 21වනදා දක්වා සතිය ජාතික මදුරු මර්දන සතිය ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.  පසුගිය වසර 05ක කාලසීමාවට සාපේක්‍ෂව බලන විට මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2018 වසරේ ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වී ඇති අතර 2019 වසරේ …

Continue Reading

චෝදනාවලට Brandix ආයතනය කරුණු පැහැදිලි කරයි

ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි. විශේෂ ගුවන් යානා මගින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනාම රජයේ නිර්දේශ මත දින 28ක නිරෝධායනයට ලක් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  එම සම්පූර්ණ නිවේදනය මෙසේය: 2020 ඔක්තෝබර් …

Continue Reading

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියාගෙන් ‘ආන්දෝලනාත්මක’ ප්‍රකාශයක්

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වෛරස් ප්‍රමාණය මීට පෙර වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වූ වෛරස් ප්‍රමාණයට වඩා වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය. අද (07) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව හෙළි කළේය. එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වසංගත …

Continue Reading

Covid-19 පැතිරීම වැළැක්වීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අඟහරුවාදා සවස වන විට අවම වශයෙන් නව රෝගීන් 246 ක් වාර්තා කර තිබෙන අතර, ගතවගිය පැය 24 තුළ, දිවුලපිටිය කොරෝනා ආසාදිත නව පොකුරෙන් කෝවිඩ් රෝගීන් 567ක් වාර්තා වී තිබුණි. ඒ අනුව රට තුළින් මේ දක්වා වාර්තා වූ මුළු සංඛ්‍යාව 3,979 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට මරණ 13 …

Continue Reading

මිනුවන්ගොඩ Covid-19 පොකුර තවත් ඉහළට: 800 පනී

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (06) වාර්තා වුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය අද දින පස්වරු 19.10ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව අද දිනය තුළ වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 605ක්. මේ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4118ක් දක්වාත් රෝහල්වල ප්‍රතිකාර ලබන …

Continue Reading

පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන්  විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.  එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ට ද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි අතර රැකියා සුරක්ෂිතතාව තහවුරුවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ …

Continue Reading