කැබිනට් තීරණ’ සියල්ල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී එළඹුණු සියලු තීරණවල නිල ප්‍රකාශය පහත පළ වෙනවා.

Continue Reading

LPL තරග බිමට ක්‍රිස් ගේල් ඇතුළු විස්සයි-20 තරු රැසක්

ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ වැඩිම අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු විස්සයි-20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් කීප දෙනෙකුම ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය යටතේ (19 දා) පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේදී කණ්ඩායම් විසින් තෝරාගත්හ. අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේදී කුසල් ජනිත් විසින් නායකත්වය ලබා දෙනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම විසින් ක්‍රිස් ගේල්ගේ සහාය ලබා ගනිද්දී එවැනිම ජනප්‍රියතාවයකින් …

Continue Reading

Covid-19: සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු දක්වයි

කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතව ආසාදිතයින් ව්‍යාප්තවීම සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද පියවරයන් පිළිබදව කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා  සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතා මාධ්‍ය වෙත මෙසේ කරුණු දක්වයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා  – “මිනුවන්ගොඩ ඇගළුම් ශාලාව කේන්ද්‍ර කරගෙන පසුගිය 04 වන දා මතු වූ කොවිඩ් …

Continue Reading

ශ්‍රී ලංකා දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡාවක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා අතර අද (20) දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි. අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කළහ. අන්‍යෝන්‍ය අවබෝධය මත ද්විපාර්ශිකව උනන්දුවක් දක්වන අංශ ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ගැන විශ්වාසය පළ කළහ. පසු ගිය …

Continue Reading

ආනයනය කෙරෙන ‘ඇඟළුම්වල සෙස් බදු’ ඉහළට

රී ලංකාව වෙත ආනයනය කරන ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළ නැංවීමට රජය පියවර ගත්තා. නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසන්නේ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය මගින් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව මෙම සංශෝධන කරනු ලබන බවයි. පහත උපලේඛනයේ ෂඪ වන තීරුවෙහි දක්වා ඇති අනුප්‍රමාණය පරිදි 2020 …

Continue Reading

කුලියාපිටිය ඇතුළු පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කුලියාපිටිය, පන්නල , ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි. කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බලාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගත් බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේ. මේ අතර විශේෂ …

Continue Reading

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී අදහස් දැක්වු කථානායකවරයා,  “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ …

Continue Reading

කොළඹ ජාතික රෝහලේ සායනයන් හි ඖෂධ ලබාගැනීමට ස්ථාවර හා ජංගම දුරකථන සේවාවක්

දැනට පවතින  කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට  පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ තුමා ඉල්ලා සිටියි. ජාතික රෝහලෙහි සායනයන් හී ඖෂධ ලබා ගැනීමට පහත දුරකථන අංක අමතන්න …

Continue Reading

විස්ස ගැන තිත්ත ඇත්ත සහ GLගේ ‘කෙප්ප කතා’

එදා විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්කානුකුලව හා නිවැරදි ලෙස ජනතාවට කරුණු පැහැදිලි කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද 20 වන සංශෝධනය වෙනුවෙන් ඊට සපුරා වෙනත් අදහසක් රටට ඉදිරිපත් කරයි. එය නිවැරදිව තේරුම් ගැනිමට නම් ජී.එල්.පීරිස් මහතා අද කියන දේට අමතරව එදා ප්‍රකාශ කල දේවල්ද තේරුම් ගතයුතු ය. විස්සේ බිහිසුණුකම හොදටම තේරුම් ගත හැක්කේ එවිට ය. සුනිල් ජයසේකර පසුගිය 13 වන අඟහරුවාදා …

Continue Reading

සීතල වතුර පිහිනීම ‘මානසික අවපීඩනයට’ගුණදායකයි !

ශීත ඍතුවේ දී මුහුදට පැනීම මට දැනෙන වඩාත්ම ජීවමාන අත්දැකීමයි. සීතල කම්පන ප්‍රතිචාරය ආශ්වාස කිරීමට පාලනය කළ නොහැකි පෙලඹීමක් ඇති කරන විට මම වේගයෙන් පිහිනමි. ඔබ ආරම්භකයකු නම් භයානක ප්‍රවේශයකි. දිය යට, දැවෙන වේදනාවේ තීව්‍ර මිශ්‍රණයක් මට දැනෙන අතර වසර ගණනාවක් තිස්සේ මෙය කිරීමෙන් පසුවද සුළු භීතියක් ඇති වේ. නමුත් මගේ හිසෙහි ඇති කරදරකාරී ඍණාත්මක කතාබහ සැබවින්ම නිහඩ කරන එකම අවස්ථාව එයයි. …

Continue Reading