එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනය

එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව (POAC) විසින් 2020 ඔක්තෝබර් 21 දින ලබා දෙන ලද විවෘත විනිශ්චය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබේ. තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම තීරණය පැන නගින්නේ, දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, 2000 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා එම සංවිධානයේ පෙරමුණු කණ්ඩායමක් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්ගේ 2019 මාර්තු 8 දිනැති තීරණය අභියෝගයට ලක් කරමින්, 2019 මැයි මාසයේදී එල්ටීටීඊ පෙරමුණු සංවිධානයක් විසින් ගොනු කරන ලද අභියාචනයක් හේතුවෙනි. තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වකරුවෙකු නොවූ බැවින් එහි …

Continue Reading

ලංකා තේ වෙනුවෙන් මුව ආවරණ බෙදා දෙයි

ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි.  මෙම වෙළඳ ප්‍රදර්ශනය 2020 ඔක්තෝබර් 1 – 5 දක්වා දින 05ක් මුළුල්ලේ පැරිස් නගරයේදී පැවති අතර 35,000 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. ගෝලීය වෙළඳ නාමයක් වශයෙන් ශ්‍රී ලංකා තේ පිළිබඳව ඇති …

Continue Reading

පැල්පත් නිවාස 3000ක් වෙනුවට අගමැතිගේ උපදෙසින් හැටන් ප්‍රදේශයට නව නිවාස ව්‍යාපෘතියක්

සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහසම්බන්ධිත නගර සංචාරකයින් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ (21) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුවේදී නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරකයින්ට සුදුසු සංචාරක පුරවරයක් බවට පත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය. නුවරඑළිය නගරය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයින්ගේ …

Continue Reading

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි – මෛත්‍රී පැමිණ නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවවේදී 156/65ක් ලෙස අති බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා. මේ අනුව 3/2ක බලයට වඩා වැඩි ඡන්ද 06ක් යෝජනාවට පක්ෂව හිමිවී තිබෙනවා. මන්ත්‍රීවරුන් 221 දෙනක් ඡන්ද විමසීමට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක …

Continue Reading

ශ්‍රී ලංකාවේ 14වන Covid-19 මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 14වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ. 

Continue Reading

Covid-19 සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?

කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීම සදහා අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැත. සෞඛ්‍ය භාවිතාවන්ට පරිභාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිත කරමින් පවතින …

Continue Reading

ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු !

වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට …

Continue Reading

LPL ගැන ක්‍රීඩා ඇමැති තැබූ බ්ලොග් සටහන

රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මෙන්ම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL)  තරගාවලිය ශක්තිමත් පදනමක් වනු ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. “ලංකා ප්‍රිමියර් ලීග් 2020 : දේශීය ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනා ගනිමින්, ශක්තිමත් ක්‍රීඩා ආර්ථිකයක් කරා යන ගමනේ ආරම්භය…..” යන …

Continue Reading

LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි

ලබන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා වුණු අතර නම් කරන ලද සංචිතයෙන් සිව් දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙසින් එක් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව සලසා දී තිබිණ. එහිදී ප්‍රධාන වශයෙන් කණ්ඩායමකට …

Continue Reading

රිෂාඩ් බදියුද්දීන් ගැන සෞඛ්‍ය ලේකම්ට පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  වෙතද යොමු කොට තිබේ. අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද …

Continue Reading