ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිමට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසන් කරමිනුයි ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුයේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා …

Continue Reading

ලංකාවට එන ගමන් ඉන්දියාවට ගිය පොම්පියෝ චීනය රත්වෙන වැඩ කරයි

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය දිල්ලිය බීජිනය සමඟ ඇති කර ගෙන ඇති නොසන්සුන්කාරී දේශසීමා අර්බුදය මධ්‍යයේ ඉන්දියාව සහ එක්සත් ජනපදය සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා මිලිටරි ගිවිසුමක් අත්සන් කර තිබේ. මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට නිවැරදිව පහර දීම සඳහා එවැනි …

Continue Reading

brandix කොරෝනා ව්‍යාප්තිය ගැන නීතිපති නියෝගයෙන් විශේෂ විමර්ශනයක්

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා – රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ‘බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව අද දින (27) නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා සම්මුඛ …

Continue Reading

Covid-19: මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

අද දිනය (27) තුළ සිදු වූ දෙවැනි සහ තෙවැනි කොවිඩ් ආසාදිත මරණත් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙනවා. මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 87 ක කාන්තාවක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙක් බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බවත් …

Continue Reading

මාස් කන්නයේ බඩඉරිඟු වගාවට සැරසෙන ‘ගොවීන් දැන ගත යුතුම කතාවක්’

සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන් ලෙස සැලකෙන මෙම සන්ධිපාදික ගහනය මේ තරමින් ආරක්ෂාවීමට ඒ හරහා විශාල මෙහෙයක් සිදුවන්නට ඇති බව රහසක් නොවේ. ගොවිතැනේදී හමුවෙන පළිබෝධකයින් පාලනයේදී අනුගමනය කලයුතු ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයේ වැදගත්කම කෘෂි නිලධාරීන් විසින් නිරන්තරයෙන්ම පෙන්වා දෙන කරුණකි. මෙහිදී පළිබෝධකයාට පමණක් නොව පරිසරයටත් හානිදායක වන නිසා රසායනික කෘතිම කෘමිනාශක වැනිදේ භාවිතා කළ යුත්තේ පළිබෝධ හානිය පාලනයට වෙනත් උපක්‍රමයක් නොමැති විටදී …

Continue Reading

Covid-19 බලපෑමට ලක් වූ ‘පුද්ගලික අංශයේ වැටුප්’ ගෙවන්න එකගත්වයක්

පෞද්ගලික අංශයේ ආයතනවල වැඩ නොමැතිකම හේතුවෙන් සේවකයින් නිවෙස්වල නැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුවෙලා තියෙනවා නම්, අවසානවරට ගෙවපු මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක නිවසේ රඳවා සිටින සේවකයින්ට ගෙවීමට‘ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙන බව අද (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. …

Continue Reading

Covid-19: 17 වැනි මරණය වාර්තාවෙයි

ශ්‍රී ලංකාවේ 17 වැනි කොවිඩ් ආසාදිත මරණය අද (27) ප.ව 1.30ට පමණ අයි.ඩී.එච්. රෝහලේදී සිදු වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප.ව 01.35ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 41 වියැති පුද්ගලයෙක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

Continue Reading

උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් වේ

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

Continue Reading

කොරෝනා ‘අධි අවදානම් කලාප 28ක්’ ප්‍රකාශයට පත් කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.  කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශය – නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල. ගම්පහ දිස්ත්‍රික්කය, රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව, කටුනායක කලුතර දිස්ත්‍රික්කයේ …

Continue Reading

ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින්

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් …

Continue Reading