PCR පරීක්ෂණ ධාරිතාව වර්ධනය නොකිරීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා

PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට තිබූ අවස්ථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් හිතාමතාම මග හැරියා. කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොවිඩ් අහවර වූ බව හගවමින් කටයුතු කල නිළධාරීන් හේතුවෙන් PCR ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමිවූ බවත්, තවදුරත් රටේ සියළුම රාසායනාගාර PCR පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප්‍රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාලයක් බලා …

Continue Reading

මයික් පොම්පෙඕ කොළඹදීම චීන මකරව කුපිත කළේ ඇයි ?

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ සංචාරය තුළ දී එම්සීසී හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කෙරුණු බව නිලධාරීහු පැවසූහ. සිය සංචාරය අවසානයේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළ …

Continue Reading

බස්නාහිර පළාතේ ජනතාවට ‘යුද්ධ හමුදාපතිගෙන්’ විශේෂ දැනුම්දීමක්

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපතිවරයා මහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී යුද්ධ හමුදාපතිවරයා ජනතාවගෙන් මෙම ඉල්ලීම කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ සඳුදා උදෑසන 5.00 ට ඇඳිරිනීතිය ඉවත් කළ ද දැනට ඇඳිරිනීතිය …

Continue Reading

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළ උදව් කරන්න සූදානම් – අමෙරිකානු රාජ්‍ය ලේකම්

විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන – ජනපති කියයි ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී. දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා පවසයි. ඊයේ දිවයිනට …

Continue Reading

‘සුදර්ශන පැනිය’ බටහිර රෝහල්වල භාවිතා කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක්

කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත. මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටළු රැසක් මතුකරනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය හා …

Continue Reading

පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ‘ චීන තානාපතිගේ නිවේදනය’

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිංහල, දමිළ භාෂාවලින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය (සිංහල) සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. ඔක්තෝබර් 22 වන දින එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන්, රාජ්‍යය ලේකම් පොම්පියෝගේ ඉදිරි …

Continue Reading

හෙට සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 වැනි සදුදා දින පෙ.ව 05 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් 19 පැතිරීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින ප.ව 13.30ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

Continue Reading

Covid-19 ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිරීම වලක්වා ගත හැකිද?

කොරෝනා වෛරසය ඉතාමත් ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යාමත් සමගම රජය විසින් නව පියවර කිහිපයක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. තමන් ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා බස්රථ වල අංක සටහන් කර තබාගන්නැයි මේ අතර රජය හා සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ කොරෝනාවෛරස් ආසාදිතයින් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇති බවට තොරතුරු …

Continue Reading

පුරවැසි පෙත්සම: කොවිඩ් නිසා අතරමංවූ ‘මැදපෙරදිග ශ්‍රමික විලාපය’

අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ පිහියෙන් ඇනලා මාව …

Continue Reading

නව ආසාදිතයින් 457ක් වාර්තා වෙද්දී තවත් ප්‍රදේශ තුනකට ඇඳිරිනීතිය

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ්-19 පොකුරෙන් අද (27) පස්වරු 21.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව (ප.ව 21.45 වන විට) 457ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.45ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වන බවයි එම නිවේදනයේ …

Continue Reading