කොරෝනා ප්‍රවෘත්ති අලෙවිය සහ නග්න වාර්තාකරණය

බොහෝ වසංගත වලදී ලක්ෂ ගණනනින් මිනිසුන් කායිකව මියගිය කාල බොහෝ විය. එහෙත්, මෙවර තරම් මිනිසුන් මානසිකව මිය ගියේ නැත. එකල වියෝවන්නන් සහ වසංගතය වැලදෙනු ඇතැයි යන ශෝකය සහ භීතිය නිසා මානසික ව්‍යාධීන්ට ලක් වූවානම් ඒ සමීපතමයින් සහ අසල්වැසියන් ය. අද තත්ත්වය ඊට සපුරා වෙනස් ය. සමස්ත සමාජයම දැවැන්ත මානසික ඛේදවාචකයකට ලක් වී ඇත. මෙම ලිපිය, පැයෙන් පැයට ප්‍රවෘත්ති කියවන සහ …

Continue Reading

ඛනිජවලට ඇති ගෝලීය තණ්හාවේ ආදීනව ලොවට හෙළි කරන ඡායාරූප 25ක්

මැණික් පතල්, මැටි කැනීම හා වැලි කැනීම නිසා ලංකාව තුළ ඇති වී ඇති විනාශයේ තරම ඔබට අලුතින් කියා දිය යුතු නැහැ. විකෘති වූ භූදර්ශන සමග නිමක් නැති පාරිසරික ගැටලු රැසක් ඒ හරහා උද්ගත වී ඇති අතර ඒවාට විසදුමක් පේන තෙක් මානයක නැහැ. ලංකාව තුළ මහා පරිමාණ වශයෙන් සිදු වන මේ පතල් කැනීම ගැන අපේ හිත් තෝන්තු වන විට ලෝකය පුරා …

Continue Reading

Pfizer එන්නතට ‘කඩිනම් අනුමැතිය’ ඉල්ලයි

ෆයිසර් සහ එහි හවුල්කරු බයෝ එන්ටෙක් (Pfizer and its partner BioNTech) අද (20) දින ඔවුන්ගේ කොවිඩ් -19 එන්නත සඳහා එක්සත් ජනපදයේ හදිසි අවසරයක් ඉල්ලා අදාළ වාර්තා භාර දී ඇත. එන්නත භාවිතයට ගැනීම ආරක්ෂිතද යන්න තීරණය කිරීම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ US Food and Drug Administration (FDA) කාර්යය වනු ඇත. දත්ත අධ්‍යයනය කිරීමට FDA කොපමණ කාලයක් ගනී ද යන්න පැහැදිලි …

Continue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස තීන්දු කරයි

ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පිරිමි, කාන්තා යන පාර්ශව දෙකටම එය පොදු වශයෙන් බලපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Continue Reading

Legatum ගෝලීය සෞභාග්‍යතා දර්ශකයේ 84 වැනි තැන ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ ප්‍රමුඛ විශේෂඥ බුද්ධි මණ්ඩලයක් වන Legatum  ආයතනය 2020 වර්ෂයට අදාළ සිය වාර්ෂික වාර්තාව ( The Legatum Prosperity Index 2020) ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සදහා තෝරාගත් රටවල් 167ක් අතුරින් 84 වැනි ස්ථානයට පත්වීමට https://www.prosperity.com/globe/sri-lanka ශ්‍රී ලංකාව සමත් වී ඇත. ‘ලගාටම් සෞභාග්‍යතා දර්ශකය‘ ගෝලීය දර්ශකයක් වන අතර එය 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිතා කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්යය සාධන …

Continue Reading

ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ‘හිමිකර ගැනීමට’ නිවැරදිම පිළිවෙත්

‘සුව කිරීමට වඩා වැළැක්වීම හොඳය – Prevention is better than cure.. එබැවින් ඕනෑම වෛරසයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිය වැඩි කිරීම නුවණට හුරුය.  කොරෝනා වසංගතය ලොව පුරා ජනතාවගේ ජීවිත අවුල් කර තිබේ. වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් පවසන පරිදි, කොවිඩ්-19 වෛරසයට එරෙහි හොඳම ආරක්‍ෂාව වන්නේ වෛරසයට එරෙහිව සටන් කළ හැකි සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීමයි. සමහර ආහාර සහ වෙනත් දෑ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව …

Continue Reading

පුරවැසියන් ගැන ඔත්තු බැලීමට වඩා බොහෝ ඵලදායි දේ ‘ඩ්‍රෝන්’ යානාවලට කළ හැකියි!

බලධාරීන් විසින් දිවා රෑ ඕනෑම වෙලාවක එලිමහනේ මෙන් ම තව නිවෙස් තුළ තමන් ආවේක්ෂණය කරනු ලබන බව යම් සමාජයක වැසියන් දත් විට, දිගු කාලීනව ඔවුන්ගේ චර්යාවන් අහිතකර ලෙස වෙනස් වන බව මානව විද්‍යා පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.  COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා. වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වල රැඳී …

Continue Reading

ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගනිති

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, ජනපතිවරයා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වූහ. ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද  ද …

Continue Reading

නොවැම්බර් 23 ඇරඹෙන පාසල් කටයුතු සිදුවිය යුතු ආකාරය

තුන්වෙනි පාසල් වාරය  ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනය covid තත්වය හේතුවෙන් නොවැම්බර් මස 9 වැනිදා සිට සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගත් අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව, බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එහෙත් සෙසු පළාත්වල ද …

Continue Reading

ඉස්ලාමීය කාටුන් විරෝධය: පකිස්ථානය ‘ප්‍රංශ භාණ්ඩ වර්ජනයට එක්වෙයි

ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ. මෙම විරෝධතා ආරම්භ වුයේ, “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ …

Continue Reading