ලංකාවේ තරුණ පරපුර සහ මානසික රෝග – අලුත්ම හතුරා ගංජා සහ ඉන්ටර්නෙට්

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස ‘Cannabis Induced Psychosis’ නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි. එමෙන් ම, වත්මන් තරුණ පරපුර සීමාව ඉක්මවා ඉන්ටර්නෙට් වෙත නැඹුරු වීම ද මානසික ගැටලු වැඩි වීමට හේතු‍වක් වී ඇති බව වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි. වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවර්ධනය …

Continue Reading

75% මන්දපෝෂිත ගවයින් සමග රට කිරෙන් ස්වයංපෝෂිත කළ හැකි ද ?

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැඟී ඇත්තේ ස්ථම්භ තුනකිනි. කුඩා කිරි ව්‍යවසායකයා, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයා සහ මහා පරිමාණ කිරි ව්‍යවසායකයා යන ත්‍රිත්වයේ එකතුවෙනි. මෙම සමස්ත නියෝජනයෙන් වසරකට නිපද වනුයේ කිරි ලීටර් මිලියන 420 ත් 450 ත් අතර ප්‍රමාණයකි. දෙකෝටියකට වැඩි ජනතාවගෙන් නැවුම් කිරි පරිභෝජනය කරන කණ්ඩායම් සඳහා දිනකට අවම වශයෙන් මිලි ලීටර් 100කට වැඩි කිරි ප්‍රමාණයක් පරිභෝජනයට ලබා දෙනවා නම් …

Continue Reading

‘බුරවි’ සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නවතම තත්ත්වය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව දෙසැම්බර් 02 වන දින පෙ.ව. 08.30 වනවිට ත්‍රිකුණාමලයට කි.මි. 200ක් නැඟෙනහිරට බරව ස්ථානගතව පැවතුනි. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊශානදිග වෙරළෙන් දිවයිනට අද (02) රාත්‍රී කාලයේ (ප.ව. 07.00 -10.00 අතර)  ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා …

Continue Reading

‘බුරවි’ සුළි කුණාටුව: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ‘රතු’අනතුරු ඇගවීමක්

බුරවි සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇගවීමේ ‘රතු ‘ නිවේදනයක් අද (02) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

Continue Reading

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේට

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී. රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය. ලොහාන් රත්වත්තේ මහතා  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

Continue Reading

ඉදිරි පැය 24 තුළදී සුළි කුණාටුවක් – දිවයින පුරා වැසි සහ සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 දෙසැම්බර් මස01 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද හෙට (02) දිනය සඳහා කාලගුණ අනාවැකිය. ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදේ 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ …

Continue Reading

උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක්

දේශීය අධිකරණයේ නව කඩඉමක් සනිටුවන් කරමින් උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් ජනපති ඉදිරියේ අද (01) දින දිවුරුම් දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් මේ අනුව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ. මේ අවස්ථාවේදී ජනපතිවරයා කියා සිටියේෙ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට තමා සහතික …

Continue Reading

Sri Lanka Economic Summit 2020: රට වෙනුවෙන් එක්ව වැඩ කරමු – ජනපති පුද්ගලික අංශයට කියයි

ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී. “පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සලකනු ලැබේ. මේ කීර්තිනාමය යතාර්ථයක් වීමට නම් ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන කරන්න” ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට පවසයි. …

Continue Reading

මහර බන්ධනාගාරයේ ගැටුම තවමත් නිම වී නෑ

රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු ඉහළ ඡායාරූපයේ දැක්වේ. මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් වාතාවරණය තවදුරටත් පහව ගොස් නොමැති බව සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව පවසන අතර පොලිසිය පවසන්නේ, රැඳවියන් පිරිසක් බන්ධනාගාර පිවිසුමට පැමිණි නිසා ඔවුන් විසුරුවා හැරීම පිණිස අහසට වෙඩි තැබූ බවය. “ආයිත් වෙඩි තැබීම් වෙනවා කියල අපිට ආරංචි වෙනවා. මේ වෙනකොට …

Continue Reading

රනිල්ට සිදුවූයේ කුමක්ද? – වික්ටර් අයිවන්

මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය. එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක …

Continue Reading