කාබනික පොහොර වෙත මාරු වීමට නිසි කාලය පැමිණ තිබේ

‘‘රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය නිරෝගිමත් පරපුරක් සහ පරිසරය ට අවනත කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට නම් කාබනික වගාව පිළිබඳ මිථ්‍යාව බිඳ දමා කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත. ඒ සඳහා ධනාත්මක ආකල්ප ඔස්සේ රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ගොවින් ට ආරාධනා කර සිටිමු‘‘ පොහොර නිෂ්පාදන සැපයුම්, රසායනික පොහොර, කෘමිනාශක පාලන නියාමන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මන්පිල  මහතා සමග …

Continue Reading

GMOA නායකයින් කොවිඩ් මර්දන ඇමැතිනිය හමුවෙයි

කො‍‍රෝනා මර්දනය කරන්න අවශ්‍යකරන සහයෝගය, තාක්ෂණික දැනුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුදෙනාත් එකතු කරගෙන කණ්ඩායමක් ලෙස වැඩකිරීමට තමන් සූදානම් බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය …

Continue Reading

මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

මහර බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. “අපි එතැනට යන කොටත් එතැන කිසිම පිළිවෙලක්, ‘සිස්ටම්’ එකක්, තිබුණේ නෑ. එතැන දේවල් සිද්ද වෙන්නේ කොහොමද?, තීන්දු ගන්නේ කවුද? කියල කිසිම පිළිවෙලක් තිබුණේ නෑ,” මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙටුවේගම බීබීසී සිංහල සේවය …

Continue Reading

කොළඹින් කොවිඩ් මරණ 5ක් – නව ආසාදිතයින් 628ක්

Covid-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද (03) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම මරණ 05ත් සමහ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දින මියගොස් ඇති පුද්ගලයින් 05 දෙනාම කොළඹ ප්‍ර දේශයේ පදිංචිකරුවන් …

Continue Reading

කොමිෂන් සභා 4කට ජනපති යෝජනා කළ නම් පාර්ලිමේන්තු සභාවෙන් අනුමතයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස් වූ පාර්ලිමේන්තු සභාව විසින් කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා අනුමැතිය හිමිවී තිබේ. එසේ අනුමැතිය හිමිවූ කොමිෂන් සභා වන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිසම, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නීතිඥ නිමල් ජී. …

Continue Reading

2020 අපොස සාපෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ මතය ජී.එල් හෙළිකරයි

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අද (03) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. හැකිතාක් ඉක්මනින් අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගනිමින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ හැකියාව සොයාබැලීම රජයේ ප්‍රයත්නය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මාර්තු මාසයේ අපොස සාමාන්‍ය පෙළ …

Continue Reading

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක්

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය. මෙම හිඟ ආදායම්වලින් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවියයුතු ඒවා බවද, එම සමහර ආයතන අදාළ  බදු ගෙවීම සඳහා සුදුසු මූල්‍ය තත්ත්වයක දැනට නොසිටින බව ස්වාධීන මණ්ඩලයක් විසින් තීරණය කර …

Continue Reading

හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත්ගේ ජල ව්‍යාපෘතියට මුල්ගල තබයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ මැතිවරණ කොට්ඨාශයේ මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක්ව පැවැති පානීය ජලය ප්‍රශ්නයට විසඳුමක් ලැබි ඇත. ඒ දිවංගත හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත් මහත්මියගේ යෝජනාවක් අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට හැකිව ඇත. මෙම ජල ව්‍යාපෘතිය මගින් මඩුල්ල ප්‍රදේශයේ ජීවත් වන පවුල් දහසකට පමණ සෙත සැලසේ. මෙම ජල ව්‍යාපෘතියේ මුල්ගල තැබීම සමගි ජනබලවේගයේ …

Continue Reading

ඉන්දීය ගොවීන් දිල්ලිය වටලයි – මෝදිගේ කෘෂිකර්මික ප්‍රතිසංස්කරණවට විරෝධය

‘ලොකු මාළු කුඩා මාළු කනවා සේම, මහා ව්‍යාපාරිකයන්ද දැන් අපව ආහාරයට ගනු ඇතැයි‘‘ ඉන්දියාවේ අගනුවර වන දිල්ලියෙන් පිටත කඳවුරු බැඳ සිටින ගොවියෙකු වන රාකේෂ් වියාස් පවසයි. අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානාහි වියාස් වැනි ගොවීන් දස දහස් ගණනක් දැන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජය සමඟ දැඩි ගැටුමක පැටලී සිටින අතර වෙළඳපොල හිතකාමී නීති තුනක් අවලංගු කරන ලෙස ඉල්ලා සිටිති.  එකට …

Continue Reading

රට කිරිවලින් ‘ස්වයංපෝෂිත කිරීමට’ කෘෂිකර්ම ඇමැතිගෙන් නව යෝජනා

පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය හා 2021 ඉදිරි වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචනය පිළිබද විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත් විණි. මේ සාකච්ඡාව සදහා අදාළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කැදවා තිබුණේය. මෙහිදී නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කාර්යක්ෂම …

Continue Reading