දඹුල්ල වයිකින්ස් කළින්ම අවසන් පූර්ව වරම් ලබයි

රැක ගත යුතුම උඩ පන්දු 4 ක් ගිලිහී ගියද අන්වර් අලී ප්‍රධාන පන්දු යවන්නන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර් පිලට පිට පිටම පස්වැනි පරාජයත් අත්කර දීමට දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයෝ අද (05 දා) සමත්වූහ. ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 198 කට සීමා කිරීමට දඹුල්ල පන්දු …

Continue Reading

කැන්ඩි ටස්කර්ස් අසරණ කොට කලම්බු කිංග්ස් අවසන් කණ්ඩායම් 4ට

කඩුලු අතර සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට පිතිකරුවන් අපොහොසත් වීම මත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක වේදනාත්මක පරාජයක් අත්විඳීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම් සමඟ අවසන් කණ්ඩායම් 4 ට සුදුසකම් ලද තෙවැනි කණ්ඩායම බවට කලම්බු කිංග්ස් කණ්ඩායම පත්විය.   …

Continue Reading

ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර

කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය. අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද ආවේය. නව සාමාන්‍යතාව නැතහොත් ‘නිව් …

Continue Reading

කෙලින්කන්ද 4G තාක්ෂණයෙන් බලගැන්වේ

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළකර තිබිණ. එය දුටු විදුලි සංදේශ නියාමන කොමිසම සති දෙකක් තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් කෙලින්කන්ද ප්‍රදේශයට …

Continue Reading

මෙරට කොවිඩ් තුරන් කිරීමේ යාන්ත්‍රණය ගැන විදේශ ඇමැති ලෝකයට කියයි

කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. පසුගිය 03 හා 04 යන දෙදින පැවැති මෙම විශේෂ සැසියට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.  “නොබැඳි ව්‍යාපාරය සහ එහි සභාපතිත්වය දරන අසර්බයිජානය විසින් යෝජනා කරන ලද පරිදි කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් මෙම විශේෂ සැසිය කැඳවීම …

Continue Reading

සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනයට පියවර – වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය

අසාධාරණ ලෙස සිදුවන සත්ව ඝාතනය නැවැත්වීම සඳහා දණ්ඩ නීති සංහ්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය. ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා  වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය. වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් …

Continue Reading

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව පාත්ෆයින්ඩර් සමුළු වාර්තාව ජපන් තානාපති අතට

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන දින තුනක විශේෂ ඔන්ලයින් සමුළුවක් පාත්ෆයින්ඩර් පදනම පසුගිය දා පැවැත්වීය. රටවල් තිස් හයක රාජ්‍ය නියෝජිතයෝ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් සහ තෝරා ගත් සංවිධානවල නියෝජිතයන් එකසිය පනහකට වඩා සහභාගී වූහ. දෙස් විදෙස් මාධ්‍ය වලට පවා එය විවෘත කරන ලදී. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ඇමරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලයිට්ස්, …

Continue Reading

පාම් ඔයිල් සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට 6130ක් අහිමි වෙයි

2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ   නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන්  මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති …

Continue Reading

චීනය තම ජාතික ධජය සඳ මත ඔසවයි !

සඳ මත සිය ජාතික ස්ථාපිත කළ (plant flag) ලොව දෙවැනි රට බවට චීනය පත් වුණා. මීට වසර 50කට පෙර එක්සත් ජනපදය ප්‍රථම වරට එහි එක්සත් ජනපද ජාතික ධජය ස්ථාපිත කර තිබෙනවා. චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් අද (04) දින ඡායාරූප දැක්වෙන්නේ තරු පහේ රතු කොඩිය, චීන ජාතික ධජය තවමත් සුළං රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත රඳවාගෙන සිටින බවයි. ඊයේ චන්ද්‍ර පාෂාණ …

Continue Reading

සුපිරි නිරූපණ ශිල්පිනී ‘කයිලි ජෙනර්ගේ’ Hair Colours විලාසිතා

සුපිරි නිරූපණ ශිල්පිනී කයිලි ජෙනර්  Kylie Jenner බොහෝ දේ සඳහා ප්‍රසිද්ධය. ඇය සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනී කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ මිතුරියක වීම එකක් පමණකි. නමුත් එය එකම දෙය නොවේ.  ඇය ඇදහිය නොහැකි තරම් සුන්දරය, රාගිකය. ඇගේ දෙතොල් මේ මොහොතේ ලෝකයේ සුන්දරතම දෙතොල් බවට සැකයක් නැත. එසේම බොහෝ දෙනෙක් ඇයගේ පුන්පියයුරු ගැන සේම සුන්දර නිතඹ ගැන ද කතා කරන බව අමතක නොකළ යුතුය. ඉතිං …

Continue Reading