වෛද්‍යවරුන්ටත් වහකදුරු වුණ ‘1990 සුවසැරිය’ අද කොවිඩ් සටනේදී නැතිවම බෑ – බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්

2016 වසර වෙනතෙක් ශ්‍රී ලංකාව තුළ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් නොතිබුණි. නව ගිලන් රථ සේවාව මගින් එම හිස්තැන පිරවූ අතර කොවිඩ් -19 වසංගත කාලයේදී මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලාංකේය ජනතාවට මහඟු සේවාවක් ඉටුකරමින් සිටී. සිනාර රත්නායක ලියයි. කොළඹින් කිලෝ මීටර් 297 ක් එපිටින් තිබෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කුච්චවේලි ප්‍රදේශයේ හර්ෂ ද සිල්වා සහ ඔහුගේ මිතුරන් …

Continue Reading

I.C.T.A. අසාර්ථක ‘ඉ- විශ්‍රාමවැටුප් ව්‍යාපෘතියේ’ වියදම මිලියන 278ක් – කොප් කමිටුව

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය. රජය ලබාදුන් මුදල් යොදාගනිමින් I.C.T.A ආයතනයට මෙම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරණු ලැබුවේ පළමුව …

Continue Reading

අවුරුදු පහක් තිස්සේ සුරා බදු දෙපාර්තමේන්තුවට මිලියන 23676ක පොළු තියලා – COPA

පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් බව ඊයේ දින පාර්ලිමේන්තුවේදි පැවති ගිණුම් කාරක සභාවේදි අනාවරණය විය. 2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 ඉක්මවා ලැබීමට නියමිතව නිබූ හිඟ බදු මුදල් එකතුව රු. මිලියන 479.9 වූ අතර, එහි ප්‍රමාද ගාස්තුව පමණක් රු. මිලියන 1896.3  ක් …

Continue Reading

අධ්‍යාපනසැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කරගන්න එපා – ජනපති

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි. මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල …

Continue Reading

තරුණියන්ගේ ඉලක්කවලට උත්තේජනය දෙන ‘සුපිරි තරු’

මිනිසා දන්නා කියන කාලයේ සිට සාර්ථකත්වයට ළඟා වූ අයව වන්දනා කරති. අපට වඩා ශක්තිමත්, දක්ෂ, වේගවත් අයව අධිමානුෂික ලෙස සලකමු. අපි ඔවුන් දෙස බලා යම් දවසක අපි ඔවුන් හා සමාන වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඇත්තෙන්ම එය හොඳ දෙයකි. එය අපව ඉදිරියට ගෙන යයි. එය අපව විශාල අරමුණු සඳහා වෙහෙසීමට සලස්වයි. උසස් ප්‍රමිතීන් සකස් කරයි. කෙසේ වෙතත්, මෑතක සිට යොවුන් පරපුර අතර ජනප්‍රිය චරිත …

Continue Reading

හෙළ පැණිය සහ බුද්ධිමය සෙළුව

ඉවසීමෙන් තර්කානුකූලව සිතීමේ පුහුණුවක්, පුරුද්දක් ඇති සමාජයක් අද නැත. එවැනි සමාජයක් හැදීම, අතිශය තරගකාරී විවෘත වෙළඳපල ආර්ථිකයට අවශ්‍ය හිස් පාරිභෝගිකයින් හැදීම සමග නොගැලපෙන්නකි. එනිසා පසුගිය අවුරුදු 40ක කාලයේ පරම්පරා දෙකක්ම මේ විවෘත වෙළඳපල සමග හැදුනේ අලෙවි ප්‍රචාරණ මගින් උසස් යැයි සහතික ලබාදෙන භාණ්ඩ ප්‍රශ්න කිරීමකින් තොරව මිලට ගැනීමේ හිස් පාරිභෝගිකයන් ලෙසින්ය.  එවැනි පාරිභෝගිකයින් බවට වැඩියෙන්ම පත්ව ඇත්තේ තරගකාරී ජීවිත වලට …

Continue Reading

මේ ජයග්‍රහණය කණ්ඩායමට ශක්තියක් – භානුක රාජපක්ෂ

ආරම්භයේ සිට 5 වැනි තරගය දක්වා වූ තරග සියල්ලම පරාජයට පත් වුවද 6 වැනි තරගයේදී ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබීම කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ට මනා අස්වැසිල්ලක් ගෙන දෙන්නක් බව ගෝල් ග්ලැඩියේටර් නායක භානුක රාජපක්ෂ සඳහන් කරයි. තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් කලම්බු කිංග්ස්ට එරෙහි තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර් පිල (07 දා) සමත්විය. හම්බන්තොට …

Continue Reading

දින 20ක් වයසැති බිළිදෙක් කොවිඩ්-19 ආසාදනයෙන් මියයයි

නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද (08) දින බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දින 20ක් වයසැති බිළිදෙකු මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා. මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය එය බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. තොටළඟ ප්‍රදේශයේ උපත ලබා ඇති එම බිළිඳා උග්‍ර නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් …

Continue Reading

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක …

Continue Reading

ලොව පළමු Pfizer/BioNTech එන්නත 90 වියැති මිත්තණියකට

ඉහළ ඡායාරූපය – මාග්‍රට් කීනන්ට මෙම එන්නත ලබා දුන්නේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාල රෝහලේ පාලකයෙකු වන මේ පාර්සන්ස් විසිනි මහා පරිමාණ එන්නත් කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් කොවිඩ් -19 එන්නත Pfizer Covid-19 jab ලබා දුන් පුද්ගලයා බවට එක්සත් රාජධානියේ 90 වියැති කාන්තාවක් පත්වූවාය. ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට් කීනන් Margaret Keenan නම් එම මිත්තණිය පැවසුවේ එය “හොඳම පෙර …

Continue Reading