සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න එක්වන්න

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් …

Continue Reading

කෘෂිකර්මාන්තයට වළ කපන මාෆියා 05ක් ගැන ඇමැති කළ හෙළිදරව්ව !

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නිෂ්පාදනයට වඩා ආහාර ආනයනයට උන්නදු කරවන පිරිසක් සිටින බව ද සදහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව …

Continue Reading

කොංග්‍රස් ගොඩනැගිල්ලේ විරෝධතා: “මෙය කැරැල්ලක්” – ජෝ බයිඩන්

වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය. ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ. කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම …

Continue Reading

දිමුත්ගේ 103 අපතේ යයි – දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 35 ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් සමත්වීම මත තෙවැනි දිනය අවසන් වීමට මත්තෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද (05 දා) සමත්වූහ. පන්දු යැවීමෙන් කැපී පෙනුණු ලුංගි න්ගිඩි, ලුතෝ සිපම්ලා සහ ඇන්රිච් නෝර්චේ තෙවැනි දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට …

Continue Reading

SL vs EN Test: ශ්‍රී ලංකාවට හිමි වාසියක් ගැන ඇන්ඩර්සන්ගෙන් ඉඟියක්

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයට පත් වුවද ලබන 14 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ‘සුළු වාසියක්’ තිබිය හැකි බව එංගලන්ත කණ්ඩායම සතු පරිණතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම සිය පළමු පුහුණු සැසිය සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (06 දා) සහභාගිවූ අතර …

Continue Reading

Covid-19 Today Hot: රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක්

Covid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 කි. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ …

Continue Reading

ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මුයින් අලීට Covid-19

ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී Moeen ali කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව වාර්තා ෙව්. නිරෝධායනය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ නීති රෙගුලාසි වලට අනුව මේ වන විට අලී දින 10ක ස්වයං නිරෝධායන කාලයකට යොමුකර ඇත. පසුගිය දිනවලදී අලී ඉතා සමීපව ඇසුරු …

Continue Reading

ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ. කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනවාරි මස …

Continue Reading

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී …

Continue Reading

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවට

තෙදින සංචාරයක් සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.  2021 වසරේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පළමු විදේශ සංචාරය මෙය …

Continue Reading