WhatsAp පරිශීලකයින්ට නව කොන්දේසි හා ප්‍රතිපත්ති

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට  වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව …

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම්

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් දුන්නේය. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට …

Continue Reading

‘ෂෙහාන් ජයසූරිය’ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙමින් ඇමෙරිකාවේ පදිංචියට යයි

ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ජාත්‍යන්තර තරග සඳහා මින් ඉදිරියට සහභාගි නොවනු ලබන බවත් එබැවින් ඉදිරි තේරීම් වලදී තමාව නොසලකා හරින ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. ලිපියක් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී සිටින ජයසූරිය, සිය පවුල සමඟ ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කිරීම එම තත්ත්වයට හේතුව බව වැඩිදුරටත් දැනුම් දී සිටියි. මොරටුව වේල්ස් කුමර විදුහලින් …

Continue Reading

Covid නිසා වැටුණු දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාද සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය …

Continue Reading

අකිල ධනංජයගේ ජාත්‍යන්තර තහනම ඉවතට

මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අතර ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අකිල ධනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට පරීක්ෂණවලින් තහවුරු වීම මත ඔහුට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (08 දා) පියවර ගත්තේය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 2019 වසරේ අගෝස්තු මසදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අකිලගේ පන්දු යැවීම …

Continue Reading

විශේෂඥ කමිටුවේ නිර්දේශ කැලේ – කොවිඩ් ආසාදිත මෘතදේහ ගැන රජයේ ස්ථාවරය කියයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ඉදිරියටත් ගෙනයමින් ආදාහනය කිරීමට පමණක් තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත්කරන ලද විශේෂඥ කමිටුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර …

Continue Reading

ක්‍රිකට් නිලවරණයේ වගකීම ත්‍රිපුද්ගල කමිටුවක් යටතට

ඉදිරියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර ගැනීම වෙනුවෙන් අද (07 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අති විශේෂ මහ සභා රැස්වීමේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ගැනීම සඳහා සාමාජිකයින්ගේ කැමැත්ත හිමිවූහ. ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න,  මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කීපයක සේවය ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් …

Continue Reading

රංජන් මඩුගල්ලට යළිත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න වරම්

තරග තීරකවරයකු ලෙසින් ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතාට ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරගයකදී තරග තීරකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාවී තිබේ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් මඩුගල්ලේ මහතාව පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ මෙම විරළ අවස්ථාව ඒ මහතාට හිමිව …

Continue Reading

මේ රජයේ දේශප්‍රේමය දෝරේ ගලනවා – ඉරාන් වික්‍රමරත්න

බලය එක් තැන් කරන කොට ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට  එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම  අපට මතක් කර දෙනවා  පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්‍රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින් අපිත් පාඩමක් ඉගෙන ගන්නට වෙනවා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද 07, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශප්‍රේමය …

Continue Reading

වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිෂමක්

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරයි. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු කොමිෂමේ සම සභාපතිත්වය හොබවති. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ. සෙසු සාමාජිකයන් …

Continue Reading