නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව නීතිපති කියයි: පිල්ලේයාන් නිදහස්
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය. පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගත් විට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා …
Continue Reading
ට්‍රම්ප් ධවල මන්දිරයෙන් නෙරපීමට ගන්නා උත්සාහයේ ඉදිරි සැලසුම්
පසුගිය ජනවාරි හයවෙනිදා කොංග්‍රස් මණ්ඩලයට කඩාවැදීම සඳහා අන්තවාදී ප්‍රහාරක කල්ලියක් පොළඹවනු ලැබීම මුල්කර ගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවියෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස උපජනාධිපති මයික් පෙන්ස් කෙරෙහි එල්ලකරන බලපෑම තවත් දැඩි කිරීමට ඇමෙරිකානු ද්විමාණ්ඩලික කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි කටයුතු කරමින් ඇත. බලයේ සිටින ජනාධිපතිවරයා පදවිය දැරීමට සුදුසු නොවන විට ගතයුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 …
Continue Reading
අපි එංගලන්ත පිළ අවතක්සේරුවෙන් සලකන්නේ නෑ – නිරෝෂණ් දික්වැල්ල
දකුණු අප්‍රිකාවට එරෙහි පැවැති ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟ හරියටම දින 7 ක කාලයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තවත් අභියෝගාත්මක තරගාවලියකි. ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියයි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට ඇත්තේ එතරම් සුභදායී මතකයක් නොවේය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය පරාජයට පත්වීම, ප්‍රධාන ක්‍රීඩකයින් 7 දෙනෙකුම ආබාධයන් වලට ලක්ව සිටීම හේතුවෙන් …
Continue Reading
කොරෝනා මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළට – ආසාදිතයින් 45, 770ක්
-
RSL
-
January 12, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Covid-19 ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම මරණ හතරත් සමග කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 13 සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 82 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද, හංවැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි 47 සහ 65 හැවිරිදි පිරිමි …
Continue Reading
කෘෂිකර්ම ඇමති රටට දුන් සහතිකය
වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රීක්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන අද (12) ආරම්භ වුණා. අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ. සම්බා වියළි වී කිලෝවක් රුපියල් 52 ක් හා නාඩු වියළි වී කිලෝවක් රු.50ක් සහතික මිලට රජය මිලට ගැනීමට මේ යටතේ පියවර …
Continue Reading
මාර්ගගත ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වෙයි
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට …
Continue Reading
වී වගාවේ විප්ලවයක් කළ හැක්කේ ජෛව විද්‍යාත්මක තාක්ෂණයෙන් පමණයි !
දේශගුණය වෙනස් වුණත් පරාක්‍රමබාහු රජ කාලේ පැළම හෝ බීජම සිටුවන්නට හෝ වපුරන්නට සිදුවී තිබෙන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසි ලෙස නොවීම නිසාය. ඒ කටයුතු නිසි ලෙස වීමට නම් රාජ්‍ය අය වැයෙන් ඒ සඳහා මහා පරිමාණයෙන් මුදල් ද වෙන් කළ යුතුය. විවිධ සහනාධාර දීමට සල්ලි පොම්ප කරනවාට වඩා පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට මුදල් දීම රටකට අනාගත ආයෝජනයකි. ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව …
Continue Reading
ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම: නීති පසුබිම
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිවු අවුරුදු සිරදඩුවමක් නියම වීම සමග ශ්‍රී ලංකාවේ ‘අධිකරණයට අපහාස කිරීම’ ගැන දැන සිටිය යුතු නීති පසුබිම ගැන ජනතාව අතර උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ ඒ හා සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු මූලික නෛතික පසුබිම ගැන විද්වත් විමසුමක්. අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ …
Continue Reading
රන්ජන්ගේ මන්ත්‍රීධුරයට කුමක් වෙයිද ? නීතිඥයින්ගේ විශ්ලේෂණ
-
RSL
-
January 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා ලැබූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළා. මෙසේ බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසුවා. රන්ජන් රාමනායක මහතාට බරපතළ …
Continue Reading
රංජන් රාමනායකට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
-
RSL
-
January 12, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි. සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි. මේ අතර සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය …
Continue Reading