හදගැස්ම රැකගෙන ‘කටගැස්ම’ හදාගන්න!

ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ලද මහත් මානසික වදයක් බවට පත්වී තිබේ. …

Continue Reading

බොලිවුඩ් යොවුන් නිළි ‘සයියාම් ඛර්’ හෙළිකරන පුද්ගලික රූපලාවණ්‍ය රහස්

සයියාමි ඛර් (Saiyami Kher) කියන්නේ නව යොවුන් බොලිවුඩ් සුරූපිනියක්. බොහෝ දෙනෙක් කියන්නේ ඇය තුළ වචනවලට පෙරළිය නොහැකි අමුතු අහිංසක සුන්දරත්වයක් තිබෙන බවයි. සයියාමි අපට අවසන් වරට හමු වුණේ රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රාගේ (Rakeysh Omprakash Mehra ) මිර්ෂියා (Mirzya ) චිත්‍රපටයෙන්. ඇය එහිදී හර්ෂ්වර්ධන් කපූර් සමඟ රගපෑවා. කොහොම වුණත් මිර්ෂියා ආදායම් අතින් සාර්ථක වුණේ නැහැ.  නමුත් ඇගේ අහිංසක සුන්දරත්වය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තා.  …

Continue Reading

ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා යද්දී බ්‍රසීලය ලක්ෂ 4 පනී

අද (28) දින ප.ව 10.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 57,46,086 දෙනකු සහ මරණ 357,377ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 17,06,500ක් හා මරණ 100,769ක් බවයි. වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් බ්‍රසීලය ආසාදිතයින් 411,821ක් හා මරණ 25,598ක් වාර්තා කර ඇති අතර රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 379,091ක් …

Continue Reading

ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 1500 සීමාව පසු කරයි

අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල්වල රෝගීන් 748 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 68 දෙනකු විමර්ශනය යටතේ පසුවන බවත්ය. මේ වන විට සුවය ලබා …

Continue Reading

කොවිඩ් වසංගතයෙන් අපේ සැබෑ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල වෙලා – ජනපති

කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි. …

Continue Reading

අලියගෙන් හැදිලා ටෙලිෆෝන් එක කරට ගත්ත 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. “පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකාව යටතේ නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ …

Continue Reading

Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා …

Continue Reading

රැකියාවල සුරක්ෂිතභාවය ආණ්ඩුව විසින් කරනවා – ඇමැති ප්‍රසන්න

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි. ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප අධ්‍යක්ෂකවරුන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (27) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. …

Continue Reading

රටම කොරෝනා නිසා කොර වෙද්දී ඩෙංගු මාරයාට 22ක් බිලි වෙලා !

වර්ෂාව පැමිණීමත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් ඇති බැවින් COVID – 19 සමඟ අනෙකුත් රෝග පාලනය ද නිසියාකාරව කළමනාකරණය කරගත යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අනුව COVID – 19 මර්දනය සදහා සියළු දෙනා එක්ව කටයුතු කළා සේම ඩෙංගු රෝගය මැඩලීම සදහා ද සියළු අංශ එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යතුමීය පවසයි. දැනට සිදු කරනු ලබන ඩෙංගු මදුරු …

Continue Reading

මහින්දානන්දගේ ‘කුවේට් බෝම්බ කතාව’හෙළා දකිමින් විදේශ ඇමැතිට ජවිපෙන් දැඩි ලිපියක්

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් කුවේට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරන ලද අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ලිපිය සහ එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඩ් ලිවේරා මහතා විසින් විදේශ ඇමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපි පහත පළ වෙනවා. …

Continue Reading