එංගලන්ත සිහින සුනුවිසුණු කළ ඇඹුල්දෙණිය වාර්තාවක් අභියස
ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වීමත් සමඟ එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට සංචාරකයින්ගේ කඩුලු 9 ක් ලකුණු 339 ක් ඇතුළතදී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) හැකියාව ලැබිණ. නම් දැරූ සියළු පිතිකරුවන් දැවී ගොස් තිබෙන මොහොතක එංගලන්ත පිලට ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යෑමට අවශ්‍ය ලකුණු 42 …
Continue Reading
එංගලන්තය ‘ශ්‍රී ලංකාව ලබා දුන්’ ලකුණු 381ක ඉලක්කය හඹායාම අරඹයි
ලකුණු 381 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිස් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 05 ක් ඇතුළතදී දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් තෙවැනි කඩුල්ලට එක්වූ නායක ජෝ රූට් සහ ජොනී බෙයාර්ස්ටෝ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වීම මත දෙවැනි දිනය වූ අද (23 දා) ට තරගය අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 98 …
Continue Reading
ඉන්දියාව නොමිලේ දෙන කොවිඩ් එන්නත 27 දා ලංකාවට – ජනපති
-
RSL
-
January 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 බදාදා දිවයිනට ගෙන එන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද ජනපතිවරයා කියා සිටී. අද (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත …
Continue Reading
සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොවිඩ්: සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි
-
RSL
-
January 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියට කෝවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි Rapid Antigen Test පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා (22) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට අමාත්‍යවරිය තීරණය කර තිබූ බවයි වාර්තා වුණේ. අද (23) පෙරවරුවේ ඇතැම් මාධ්‍ය මේ පිළිබදව හෙළිදරව් කළ නමුත් …
Continue Reading
ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්
ජ්‍යෙෂ්ඨත්වයේ වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් රැස් කරන ලද වටිනා ශතකය හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (22 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේදීම කඩුලු 4 කට ලකුණු 229 ක් වශයෙන් සාර්ථක ප්‍රවේශයක් ගොඩ නඟා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලකුණු 07 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් වඩාත් ගරු කරමින් පන්දුවට …
Continue Reading
සංචාරයින්ට ‘රට විවෘත කළ හේතු’ විදේශ ඇමැති ලෝකයට කියයි
සිය ආර්ථිකයන්හි වැඩි කොටසක් සංචාරක කර්මාන්තය මත රඳා පවතින බවත් ඒ අනුව, මෙම කර්මාන්තයට සම්බන්ධ රටවල්වල සියලු දෙනාගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා රජයන් මත පැටවී ඇති බර පිළිබඳව අවබෝධ කර ගන්නා බවත්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. සාමූහිකව විසඳුම් සෙවීමේ දී සියලු රාජ්‍යයන් සමඟ විනිවිදභාවයෙන් යුතුව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා එකිනෙක රාජ්‍ය වෙත සහයෝගය දැක්විය යුතු බවත් …
Continue Reading
Oxford-Astra Zeneca එන්නත ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය
-
RSL
-
January 22, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජාතික ඖෂධ නියාමන අධිකාරිය covid 19 වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. කොළඹ ජාතික රෝහල ( හදිසි අනතුරු සහ විකලාංග අංශය ) සඳහා රුපියල් මිලියන 12 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් …
Continue Reading
මානව හිමිකම් කඩකිරීම් වීදැයි විමර්ශණයට ජනපති කොමිෂමක් පත් කරයි
-
RSL
-
January 22, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර තිබේ. අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) ප්‍රකාශයට පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා …
Continue Reading
අසල්වැසියන්ට නොමිලේ Covid එනනත් බෙදා දෙන ‘ඉන්දියාවේ එන්නත් කතාව’
ලොව විශාලතම එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කර සතියකටත් අඩු කාලයකදී ඉන්දියාව විසින් නොමිලේ ලබාදීම සදහා කොවිඩ් -19 එන්නත් දසදහස් ගණනක් අසල්වැසි රටවලට ලබාදී තිබේ. ඉන්දියාවේ ඖෂධ නියාමකයා විසින් කොවිෂීල්ඩ් Covishield (the local name for the Oxford-AstraZeneca vaccine developed in the UK) (එක්සත් රාජධානියේ සංවර්ධනය කරන ලද ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා දේශීය නම) සහ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන භාරත් බයෝටෙක් Bharat Biotech විසින් දේශීයව …
Continue Reading
අපනයන ආර්ථිකයක් කරා ළඟා වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්
-
RSL
-
January 22, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ඉපැයුම් ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් කරා ළඟාවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙළක් දියත් කොට ඇති බවත් එහිදී ප‍්‍රධාන ඉලක්ක තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි. කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. දිවයිනම ආවරණය වන පරිදි කේන්ද්‍රගත දත්ත කෘෂිකර්ම පද්ධතියක් නිර්මාණය …
Continue Reading