වැඩිහිටියන් පවුල තුල සංරක්ෂණය කළ හැකි ක්‍රමවේදයකට බලකළ යුතුයි

වැඩිහිටියා රටේ ජ්‍යෙෂ්ඨතම පුරවැසියා වන අතර ඔවුන්ගේ අනාගත ආරක්ෂාව සදහා කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් සකස් කිරීම අත්‍යාවශ්‍ය වන අතර වැඩිහිටියන් පවුල තුළ සංරක්ෂණය කළ හැකි ක්‍රමවේදයකට බලකළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි. අමාත්‍යවරිය මේබව සදහන් කලේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. …

Continue Reading

අප්‍රිකාවේ අවසාන කැලෑ සිංහයන් ආරක්ෂා කිරීම: දුර්ලභ ඡායාරූප

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පී ජෝර්ජ් ලෝගන් George Logan අප්‍රිකාවේ කැලෑ සිංහයන්ගේ “ස්වාභාවික සුන්දරත්වය, නාට්‍ය හා අමු රුදුරු බව –“natural beauty, drama and raw ferocity” ” ලේඛනගත කරයි. ලෝගන් පසුගිය වසර 10 තුළ කෙන්යාව, ඉතියෝපියාව, සැම්බියාව, මලාවි, බොට්ස්වානා, නැමීබියාව සහ දකුණු අප්‍රිකාවේ සිංහයන් ඡායාරූප ගත කර ඇත. ඔහුගේ ප්‍රියතම ඡායාරූපගත කිරීම ඉහත දැක්වෙන සිංහයා වන අතර ඔහු ස්කාර්ෆේස් Scarface ලෙස හැඳින්වේ. “ඔහු සුලු රණශූරයෙකුගෙන් දිවි …

Continue Reading

ඇමෙරිකානු සමාජය ‘මහා තොරතුරු මුලාවකට ලක් කොට’ ට‍්‍රම්ප් නික්ම යයි!

සිය ධුර කාලය තුළ ට‍්‍රම්ප් තමන්ගේ ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් හරහා මිලියන 100ක් පමණ ජනයාට නිතිපතා සෘජුවම සන්නිවේදන කළා. එයට සමාන්තරව ඔහුට හිතවත් ජනමාධ්‍ය සහ වෙබ් අඩවි ඔහුගේ අදහස් ප‍්‍රතිරාවය කළා. මේ ප‍්‍රවාහයන් දෙකෙන්ම විශාල පරිමාවෙන් දුස්තොරතුරු ඇමරිකානු සමාජයට මුදා හැරුණා. නාලක ගුණවර්ධන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 ජනාධිපති ලෙස වසර හතරක තනි ධුර කාලයක් නිමා කොට …

Continue Reading

අධිකරණ පියස නීතියේ සාධාරණත්වය පතන ජනතා පියස බවට පත්විය යුතුයි – අගමැති

අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියස බවට පත්විය යුතුයැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය. එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට රජය මුල පුරා තිබෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසදා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහජනතාව යන අප සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේද …

Continue Reading

‘දික්කසාදය’ : ශ‍්‍රී ලංකාවේ නෛතික තත්ත්වය

ශ්‍රී ලංකාවේ ‘දික්කසාදවීම්’ වේගයෙන් වර්ධනය වෙන බව පැහැදිලිව පෙනී යනවා. මේක ලංකාවට පමණක් නොවෙයි ලෝකයටම පොදු තත්ත්වයක් වුණත් ලංකාවේ සමාජ-ආර්ථික හා සංස්කෘති පසුබිම තුළ ‘දික්කසාදය’ කියන්නේ තව දුරටත් සංකීර්ණ කතාවක්. මේ අතර දික්කසාදය ගැන සිදුවන සාකච්ඡාවලදී පැහැදිලිව පෙනී යන කරුණක් තමයි බහුතරයකට මේ හා සම්බන්ධ (දික්කසාදය) නීතිමය පසුබිම ගැන නිරවුල් අවබෝධයක් තබා අවම අවබෝධයක්වත් නැහැ. ඒ නිසා ඔවුන් මුහුණ දෙන …

Continue Reading

නිවැරදි Foundation එකක් තෝරා ගන්නේ කෙසේද ?

විවිධ වෙළද නාම යටතේ විවිධාකාරයේ ෆවුන්ඩේෂන් Foundation වර්ග වෙළදපොළේ තිබෙනවා. ඒ අතරින් ඔබ තෝරාගත යුත්තේ ඔබගේ සමට වඩාත්ම හොදින් ගැළපෙන ෆවුන්ඩේෂන් වර්ගයයි. උඩින් පේන පාට බලා ගත්තට එමගින් නිවරදිවම ඔබේ සමට ගැලපෙන වර්ණය තෝරා ගත නොහැකියි. ගන්න කලින් ඔබේ සමට ගැලපෙනවාද යන්න බලා තහවුරු කර ගැනීම කල යුතු යි. ඇත්තටම කොහොමද සමට ගලපා ගන්නේ ? ගොඩක් දෙනෙක් ෆවුන්ඩේෂන් එකක් තෝරා …

Continue Reading

ඔබේ පෞරුෂය හඳුනාගන්නේ කෙසේද? වයස කෙරෙහිත් බලපාන පෞරුෂය හඳුනාගන්න

“ජනාධිපතිතුමනි! සුමාන දෙකක් හෝ තුනක් පමණ කැකෑරෙමින් තිබුණ කාරණයක් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඉදිරිපත් කිරීමට මට අවශ්‍යයි,” මාධ්‍යවේදී හෙන්රි ට්‍රෙවිට් (Henry Trewhitt) කියා සිටියේ ජනාධිපති රොනල්ඩ් රේගන් දැඩි, තියුණු බැල්මක සිරකර ගනිමිනි. එය සිදුවුනේ 1984 ඔක්තෝබර් මාසයේය. එය දෙවන වතාවටත් ජනාධිපති පදවිය සඳහා තරඟ වැදීම සඳහා රොනල්ඩ් රේගන් ගෙනයමින් සිටි අරගලය තුළ විවාදමය ක්‍ෂේත්‍රයක සිරවී සිටි අවධිය විය. එට එයින් …

Continue Reading

බලපත්‍රලාභී බැංකුවල අභිමතානුසාරී ගෙවීම්: මහ බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පහත පැහැදිලි කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ  වැදගත්කම සැලකිල්ලට …

Continue Reading

සිසුන් ඇතුළත් කර ගැනීමේ කිසිදු වෙනසක් සිදුකර නෑ – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ වැනි දින අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. පසුගිය දිනවල දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණවල පවා …

Continue Reading

එංගලන්ත සිහින වැනසූ අයුරු ගැන ඇඹුල්දෙණිය හෙළි කරයි

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දක්ෂතා ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා තෙවැනි දිනය නිමා වන විට පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට නැඹුරුව තිබීම කැපී පෙනෙයි. ඒ වෙනුවෙන් සෑම ක්‍රීඩකයකුම වාගේ සිය දායකත්වය ලබා දුන් අතර ඒ අතරින් ක්‍රීඩකයින් කීප දෙනෙකු කැපී පෙනුණී. තරගයේ පළමු දින 2 ඇතුළත පිතිකරුවන් කැපී පෙනෙද්දී තෙවැනි දිනයේදී කැපී පෙනුණු එකම ක්‍රීඩකයා වූයේ වමතින් දඟ පන්දු යවන ලසිත් …

Continue Reading