බොලිවුඩය ඒකාලෝක කළ සුපිරි තරුවක් නිවී යයි

කුම්කුම් 1935 දෙසැම්බර් 21 වන දින බිහාර් හි හුසේනාබාද් හි උපත ලැබුවාය. ඇගේ පියා නවාබ් මන්සූර් හසන් ඛාන් පට්නා අසල හුසේනාබාද් හි ඉඩම් හිමියෙකු වුවත් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගත් විට නවාබ් තම පවුල සමග කොල්කටා වෙත සංක‍්‍රමණය වූවේය. මේ අතර යළි විවාහ වූ නවාබ් තම දියණිය කුම්කුම් තරණ වියේදී පාකිස්ථානය වෙත සංක‍්‍රමණය වූවේය. මිය යන තෙක්ම ඔහු පාකිස්ථානයේ …

Continue Reading

ක්‍රිකට් පරිපාලනයේ අවුල පුපුරා යයි – උප සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අර්බුදයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් මහතා අද (29) ඉල්ලා අස් වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දන්වා සිටියා. තම ඉල්ලා අස්වීමට හේතු වශයෙන් ඔහු සදහන් කළේෙ වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් හා …

Continue Reading

ජනපති – අගමැති ශෂින්ද්‍රට බැනලා – ශෂින්ද්‍ර ප්‍රසිද්ධියේ සමාව ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර තිබෙන විරසකය මේ වන විට හැම තැනම පත්තු වෙමින් තිබෙනවා. ඒ අතර මොනරාගල ප්‍රධානයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන ශෂින්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් තරගයට පිවිස ඇති නිසා චමල් ඇතුළු රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් මොනරාගල පීරමින් මනාව සොයමින් සිටිනවා. මේ අතර ශෂින්ද්‍ර රාජපක්ෂ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ …

Continue Reading

මහ මැතිවරණය පැවැත්වෙන සතිය පුරා රජයේ පාසල් නිවාඩු

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වැනි දිනය ඇතුළත් සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කළ බව අද :29* අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන ඇමැතිවරයා සදහන් කළේ. …

Continue Reading

වෙනස්කම් 2 ක් සමඟින් පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා (28 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ අති විශේෂ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී තිබේ. අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල දින 3 තරග වශයෙන් පැවැත්වීම මෙන්ම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් එම කාණ්ඩයේ උසස්වීම් ලබා දීම හෝ …

Continue Reading

රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත – ජනපති කළුතරදී කියයි

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටිති. එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව  දෛනිකව තොරතුරු වාර්තා වේ. අල්ලස, දුෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිතුමා කියා සිටී. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ …

Continue Reading

සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා – වාර්තාව අගමැතිට

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත. සජිත් පේ‍්‍රමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ …

Continue Reading

ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම  මුදල් හුවමාරු පහසුකම සඳහා …

Continue Reading

මැලේසියානු හිටපු අගමැති දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්, ඔහුට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබේ. මේ බව තීරණය කෙරුණේ ඩොලර් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මත වන නඩු විභාග කිහිපයෙන් එකකදී ය. සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස යෙදීම යන චෝදනාවලට තමන් වැරදිකරු නොවන බව රසාක් කීය. 2009 සිට 2018 දක්වා බලයේ සිටි නජීබ් රසාක්ට එරෙහි මෙම …

Continue Reading

නිරෝධානයට ලක්වන පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවදීම ගැන තීන්දුවක්

කොවිඩ් -19 නිරෝධානය වන පුද්ගලයින්ට අගෝස්තු 05 වැනි දිනම සවස 05.00න් පසුය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යෝජනා වී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද (28) කොවිඩ්-19 වෛරසය මැඩලීමේ ජනාධිති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළවේ.

Continue Reading