පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර

මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන්  ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. පාසල් ප්‍රමුඛ  අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන් ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් …

Continue Reading

පාර්ලිමේන්තු සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව නිකුත් වෙයි

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ. මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම පාර්ලිමේන්තු රැස්වීමේදී …

Continue Reading

ඡන්දය සලකුණු කිරීමට තමාගේ පෑනක් භාවිතා කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

අගෝස්තු 05 වැනි පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සදහා අවැසි නම් තමන්ගේම පෑනක් භාවිතා කිරීමට අවසර ඇති බවත් එම පෑන කලු හෝ නිල් පැහැති බෝල තුඩ සහිත පෑනක් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ඡන්ද දායකයා විසින් රැගෙන එනු ලබන …

Continue Reading

රැඩිකල්වාදී මැද මාවත සැබෑ: දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් – මංගල සමරවීර

ශ්‍රී ලංකාව  හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොත සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය වශයෙන්ම සාංදෘෂ්ටිකවාදී වූවකි. සෑම පුද්ගලයෙකුම අර්ථවත් තේරීම් කළ යුතු අතර ඔවුන් කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත.  1947 සිට  ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී …

Continue Reading

‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි

රියදුරු බලපත්‍රයේ කාලය ඉක්මවා ඇතත් අදාළ සහන කාලය ඉක්මවා නැත්නම් එය රියදුරු බලපත්‍රද ඡන්ද පොලේදී වලංගු අනන්‍යතා සහතික පත්‍රයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

වරාය සත්‍යග්‍රහය ගැන ජනපතිගෙන් තද ප්‍රකාශයක්

බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව ජනනාධිපතිවරයා පෙන්වා දෙයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස  දෙන බව රාජපක්ෂ මහතා …

Continue Reading

ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.  පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.  කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් …

Continue Reading

‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි …

Continue Reading

මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සාවද්‍යයි – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.   ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. …

Continue Reading

පාත්ෆයින්ඩර් පදනම ‘කොවිඩ්-19 වළක්වාලීම හා පාලනය’ කෘතිය සිංහලට පරිවර්තනය කරයි

‘පාත්ෆයින්ඩර් පදනමට’ අනුබද්ධ චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයෙහි තවත් ප්‍රමුඛ පියවරක් වශයෙන් වසංගත රෝග සම්බන්ධ චීන මහාචාර්ය සහ ෂැංහයි හි කොවිඩ්-19 ප්‍රතිකාර අංශයේ විද්වත් මණ්ඩල ප්‍රධානී, වන් හොංග් ජන්ග් මහතා ඇතුළු මණ්ඩලයක් විසින් පළ කරන ලද Prevention and Control of COVID 19 කෘතිය, සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. එය ලක්ෂමන සපරමාදු මහතා ගේ පරිවර්තනයකි. චීන තානාපති කාර්යාලයේ දී මෙම …

Continue Reading