මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දෝනි කියයි. සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දෝනි මේ පිළිබඳ සටහනක් තබා ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව දෝනි ක්‍රීඩා කර නොමැත.

Continue Reading

කොරෝනා වෛරසයට එරෙහි සටනින් මිනිසා ජය ගනීවිද ? නැතිනම් වැනසේවිද ?

කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි. පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි. ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් …

Continue Reading

නැවත කියමි – “මෙහෙම යා නොහැක”

කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි. “කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි. කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත. සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය …

Continue Reading

ක්‍රිකට් යළි ඇරැඹීම ගැන ‘මැතිව්ස්ගේ’ අදහස

කොවිඩ් වසංගත තත්ත්වයට තවමත් ස්ථීර විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන පසුබිමකදී සෞඛ්‍ය පුරුදු සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ පවත්වාගෙන යෑම හැර වෙන කිසි විකල්පයක් හෝ ආදේශකයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අවධාරණය කර සිටියි. කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මාස 5 කට අධික කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. අවස්ථා කීපයකදීම දේශීය තරගාවලිය …

Continue Reading

ඇමරිකානු ජනාධිපතිවරණය: ට්‍රම්ප්, කමලා හැරිස්ගේ ‘උප්පැන්නය’ අවුස්සයි

ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් එම ධුරය සඳහා අවශ්‍ය “සුදුසුකම් සපුරා නැති” බව තමන්ට කණ වැකී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ප්‍රවීණයන් විසින් තහවුරු නොකරන ලද නීති තර්කයක් උලුප්පා පෙන්වීම හෙළා දකින විවේචකයෝ එය ජාතිවාදී ප්‍රකාශයක් ලෙස හඳුන්වති. ජැමෙයිකන් පියෙකුට සහ ඉන්දීය මවකට දාව 1964 ඔක්තෝම්බර් 20 වෙනි දින කමලා හැරිස් උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. නමුත් ගතානුගතික අදහස් …

Continue Reading

නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 04ක් ‘කාර්තික් ආර්යන්’ හෙළි කරයි

කොවිඩ් වසංගතය ලංකාව සේම මුළු ලෝකයම අවුල්කර ඇත. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සිදුවීම මෙන්ම පොදු ස්ථාන වසා දැමීම නිසා ද තත්ත්වය තව දුරටත් බරපතළ වෙමන් පවතී. මේ අතර ව්‍යායාම මධ්‍යස්ථාන වසා දැමීම ගැන බොහෝ රටවල දැඩි මැසිවිලි නැගේ. විශේෂයෙන් නාගරික තරුණ – තරුණියන් සේම මැදි වයසේ පසුවන පිරිස් ද මේ ගැන දැඩි කණස්සල්ලක් පළ කරති. ඔවුන් කියන්නේ තමන් …

Continue Reading

රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ පළමු නැගීම

කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.  පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා “රාවය” පුවත්පතට ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි: ‘ලොව …

Continue Reading

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 20 වැනිදා පස්වරු 3.00 ට

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද ජනපතිවරයා විසින්  සිදු කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී …

Continue Reading

‘චීනයේ ෂැංහයි වෙත මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම’ සම්බන්ධව ශ්‍රීලංකන් පැහැදිලි කරයි

චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් කොළඹ-ෂැංහයි ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් සති හතරක කාලයක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ කරුණු පැහැදිලි කර සිටියි. 2020 අගෝස්තු මස 7 වන දින ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට කොළඹ හරහා ෂැංහයි දක්වා චීන ජාතිකයින් 223 ක් රැගත් විශේෂයෙන් වෙන්කරවා ගත් ගුවන් යානාවක් (charter flight) ක්‍රියාත්මක කළේය.  මෙම ගුවන් ගමනට පෙර ශ්‍රීලංකන් ගුවන් …

Continue Reading

කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු

කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා       – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය යූ.ඩී.සී. ජයලාල් මහතා                          – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා        – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Continue Reading