‘දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බව’ අගමැති මහින්ද අවධාරණය කරයි

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවැසීය. ඓතිහාසික කසාගල රජමහා …

Continue Reading

රජයේ වෛද්‍ය උපාධිධාරීන්ගේ ගැටලුවට තවමත් විධිමත් විසදුම් නෑ

පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය.  වසර 10කට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ  සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  …

Continue Reading

ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිදිරි කාන්තාවක් Covid-19 අසාදනයෙන් මරුට

ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බවයි. අදාළ කාන්තාව සම්බන්ධ සියලු නිල තොරතුරු පහත දැක්වේ.

Continue Reading

කොරෝනා නව ආසාදිතයින් 06ක් සොයා ගනී

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID – 19 වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ. අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත  පුද්ගලයින් හය දෙනෙකු (06) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හය දෙනා (06) අතරින් එක් පුද්ගලයෙක් (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී …

Continue Reading

නොරොච්චා්ලේ යළි වැඩ – ‘විදුලිය කැපීම’ නවතී

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් අද (21) සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කළ බවත් ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විජිත හේරත් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විජිත හේරත් මහතා කියා සිටියේ, නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු …

Continue Reading

මහ බැංකුව විසින් නියාමනය කරන ආයතනවලට අදාළ දුක්ගැනවිලි යොමු කිරීමට මහජනතාවට අවස්ථාව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින …

Continue Reading

4% ණය ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි

2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය. ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මඟින් අයදුම් කරන …

Continue Reading

Hot Plate: කරුගේ ප්‍රතිරූපය වනසන ‘ව්‍යාජ වීඩියෝව’ එළියට දැම්වේ කවුද ?

කරු ජයසූරිය මහතාගේ නම එ.ජා.ප නායකත්වයට මුලදී යෝජනා කළේ රවි කරුණානායක හා දයා ගමගේ වුවද දැනට ඒ වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනුයේ ඉන් එක් අයෙක් පමණක් බවද එ.ජා.ප ආරංචි මාර්ග කියයි. සටහන – ගජබා නාගහවත්ත මහමැතිවරණයේදී එ.ජා.ප ය ලැබූ පසුබෑමෙන් අනතුරුව ඇතිවූ අභ්‍යන්තර දේශපාලන වියවුල නායකත්වය වෙනස් කිරීම සදහා වූ විවිධ බලපෑම් මෙන්ම ජාතික ලැයිස්තුව පත් කිරීමේ අවසන් තීන්දුව තවම නොගැනීම …

Continue Reading

රුසියානු කොවිඩ් එන්නත ගැන රජයේ ස්ථාවරය පවිත්‍රා හෙළි කරයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය. විශේෂයෙන් මෙහිදී කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයෙදී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවට එය සාර්ථකව මර්ධනය කිරීමට හැකිවූ බව සිහිපත් කල තානාපතිවරයා  ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ …

Continue Reading

ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍යයි – මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි   අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. අද (21) …

Continue Reading