ඒ.ජේ.එම්. මුසම්මිල් – රාජා කොල්ලුරේ පළාත් මාරු කර ගනී

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්හ.

Continue Reading

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක්

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) දින පැවසීය. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍යතුමා එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය. විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් …

Continue Reading

චන්දිමාගේ ‘වාර්තාගත ඉණිමේ රහස’

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අන්තර් සමාජ පළමු පෙළ තරඟයක දී නොදැවී ලකුණු 354ක් රැස් කරමින් පිතිකරුවකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ලබා ගැනීමේ නව වාර්තාව බිහි කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, එම අසීරු  ඉලක්කය කරා යෑමට අවස්ථාව උදා දැඩි කැපවීමකින් සහ මහන්සියකින් යුතුව පුහුණුවීම්වල නියැළීම නිසා බැව් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති සාකච්චාවක ඉහත අදහස් …

Continue Reading

ඉතිහාසයේ ප‍්‍රථම වරට රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,000 සීමාව ඉක්මවා යයි

මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව මධ්‍යම රජයේ සමස්ත දේශීය ණය ප්‍රමාණය 2020 මුල් මාස 06 තුළ දී රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,530.8 ක් දක්වා සහ සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 6,402.4 සිට රු. බිලියන 6,521.4 ක් දක්වා …

Continue Reading

ඩයනා කුමරිය මියගොස් 23 වසරක් පිරෙන දා ‘හැරී – විලියම්’ කියන කතා

අම්මා මාලිගාවේ පවුරුවලින් එහා පැත්තේ තිබුණ සැබෑ ජීවිතය හඳුනාගත් ඒ වගේම පුංචි ළමයෙක් වගේ සැහැල්ලුවෙන් කටයුතු කළ කාන්තාවක්”විලියම් සහ හැරී අයියා මලෝ සිහිපත් කරති. තම මව, ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු සංවේගය පළ කරති. සිය මවගේ හදිසි අභාවයට වසර 23ක් පිරීමත් සමඟ රූපවාහිනී …

Continue Reading

මල් විතරයි – ගෙඩි නෑ: කටු අනෝදා ගස්වලින් ‘ඉහළම ඵලදාවක් ලබා ගන්න’ මෙන්න විද්‍යාත්මක ක‍්‍රමය

අතින් පරාගනය කිරීම ‘කටු ආත්තා’ වල ගෙඩි ඇදවීමට විසඳුමක් පසුගිය සතියේ පළවූ පුනර්ජනනීය කප්පාදුව පිලිබඳ විස්තරය නතර කරනු ලැබුවේ රඹුටන් ගසක් අසලදීය. ඇටයක් පැලවීමෙන් සෑදුනු ගතිගුණ නොදන්නා රඹුටන් ගස ඇතැම් විට කිසිදාක ගෙඩි නොසෑදෙන, මල් පමණක් සෑදෙන පිරිමි ශාකයකි. නොඑසේනම් මදය නිසිලෙස ඇටයෙන් වෙන් නොවෙන, ඇඹුල් රසැති ගෙඩි පලගන්නා ගසකි. මෙම ශාකයේ පුනර්ජනන කප්පාදුවකින් පසු, ඔබගේ හිතට හරියන රඹුටන් වර්ගයක් …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 3000 පසුකරයි

අද දින (30) කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වීම සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණණ 3010 දක්වා ඉහළ ගියා. අද දින වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 12 දෙනකු ද මාලදිවයිනේ සිට පැමිණි 03 දෙනකු ද සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ. එම වාර්තාවට අනුව මේ වන විට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2860ක් …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යවරිය හා ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දෙරට අතර සබඳතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කෙරිනි. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය …

Continue Reading

තරබාරු පුද්ගලයින්ට කොවිඩ් මාරාන්තිකයි – නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

තරබාරු පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම සහ ඒ නිසා රෝහල් ගතවීමට සිදුවීමේ අවදානම දෙගුණයක් වන අතර මිය යාමේ අවදානම 50% කින් පමණ වැඩි බව උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ පෝෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂණ කණ්ඩායම, රෝගීන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව, ලෝකය පුරා සිදුකරන ලද පර්යේෂණ 75ක දත්ත සොයා බැලීය. තරබාරුකම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි වෙනත් …

Continue Reading

මරණ දඬුවම නියම වූ චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකියි – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි. අප කළ විමසීමකට පිළිතරු දෙමින් රජිත කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමක් බවත් මන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට …

Continue Reading