රුපියලක දඩයකට යටත් කෙරුණ ‘ට්විටර්’ පණිවුඩයක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිනිශ්චය මණ්ඩලය “ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස” දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය ඉන්දියාවේ සමාජ ක්‍රියාධරයකු සහ ප්‍රකට නීතිවේදියකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු කරන ලදුව ඊට සංකේතාත්මක දඬුවමක් වශයෙන් රුපියලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුණි. හැටතුන් හැවිරිදි (63) ප්‍රශාන්ත් භුෂාන් නම් එම නීතිවේදියා විසින් පළකරන ලද ‘ට්විටර්’ පණිවුඩ දෙකක් මගින් නොගැළපෙන ක්‍රියාවක් සිදුකරනු …

Continue Reading

දැන් ගැසට් කර ඇති ’20 වන ව්‍යවස්ථා සංශෝධනය’ ගැන කෙටියෙන්

ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය. 1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම 2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර  සිවිල් පුරවැසියන් ඉවතට 3.    විගණන සේවා කොමිසම ඉවරයි.  නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ. 4.    ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි 5.    පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති …

Continue Reading

20 වැනි සංශෝධන පනත් කෙටුම්පත නිකුත් වෙයි

ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූණා. කැබිනට් මණ්ඩයේ අනුමැතිය …

Continue Reading

කතානායක සහ නෝර්වේ තානාපති අතර විශේෂ හමුවේ සම්පූර්ණ කතාව

ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය. මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය. මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි …

Continue Reading

කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා …

Continue Reading

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදන රැසක්

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර …

Continue Reading

LPL නොවැම්බරයේදී

නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. …

Continue Reading

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇමතිවරුන්ට හා නිලධාරීන්ට දෙහි කපති

ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති. අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි. මෙහිදී වැඩි දුරටත් …

Continue Reading

කොවිඩ් පාලනය කළ රට නැවත අනාරක්ෂිත නොකළ යුතුයි – යුද්ධ හමුදාපති

ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ ලාංකීකයින් 1155ක් අයත් ය. තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් …

Continue Reading

ඇපල් වෙනුවට අපේ ‘රහංගල පෙයාර්ස්’වලට පුරුදු වෙමු !

2018 වර්ෂයේදී ලංකාවට රුපියල් මිලියන 4300ක් වටිනාමින් යුතු ඇපල් ටොන් 27,253ක් ආනයනය කරලා තිබෙනවා. ඊට අමතරව පෙයාර්ස් ටොන් 355ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි 2018දී ඇපල් සහ පෙයාර්ස් කන්න රුපියල් මිලියන 4350ක විදේශ විනිමය විනාශ කරලා තිබෙනවා. ලංකාව කියන්නේ ‘පලතුරු වත්තක්’. එහෙම රටක තමයි මේ මිලියන 4350ක විදේශ පලතුරු කාලා තියෙන්නේ. පිට රට …

Continue Reading