කෝමාරිකාවල ‘පත‍්‍ර කුණුවීමේ රෝගයෙන්’ වගාබිමේ අනෙකුත් බෝග අනතුරේ

රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ පසට වඩාත් ළංව පිහිටන පත‍්‍ර ප‍්‍රදේශ වලිනි. තෙල් පැල්ලමක් වැනි ස්වභාවයෙන් ඇරඹෙන රෝග ලක්ෂණ දින දෙක තුනක් ගතවෙත්දී පත‍්‍රය පුරාම පැතිර යයි. පත‍්‍රය කහ පැහවී කුණුවී ගැලවී යාම අවසන් ප‍්‍රතිඵලය වන්නේය. කෝමාරිකා ශාකය කලකට ඉහතදී මෙරට භාවිතා කෙරුවේ අලංකාරය උදෙසා වවන ශාකයක් හා දේශීය ඖෂධීය පැලෑටියක් වශයෙනිග මෙම ශාකයේ ඖෂධීය ප‍්‍රයෝජන වලට අමතරව වෙනත් ප‍්‍රයෝජන …

Continue Reading

ඇමරිකා එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද දින (24) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනාටෙප්ලිට්ස් (Ms.Alaina Teplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම වෛද්‍ය උපකරණ අතර, ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 20,000 ක්, KN 95 වර්ගයේ මුව ආවරණ 3,000 ක්, isolation gowns …

Continue Reading

Sri Lanka Cricket: නාමල් බාලචන්ද්‍ර විධිමත් ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි

මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික …

Continue Reading

බිඳ වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට උපරිම සාධාරණය

ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආයතන ගණනාවක් කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල ලෙස දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ දිනාගත හැකි නව නිපැයුම් රැසක් සැලසුම් කර තිබේ. ඒවා නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනීමටත්, නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකිවන බව පෙන්වා දෙයි. මුදල් හා …

Continue Reading

ලෝකය සීතල යුද්ධයේ එළිපත්තේ – එක්සත් ජාතීන් බිය පළ කරයි

මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 75 වැනි මහා සමුළුව ඇමෙරිකා – චීන එදිරිවාදිකම එළිපිට ප්‍රදර්ශනය කරන ‘සටන් බිමක්‘ බවට පත්ව ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ සදහන් කරති. මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පැවැත් වුණේ නවීන සන්නිවේදන තාක්ෂණ ඔස්සේ දුරස්ථවයි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (23) මහ සමුළුව ඇමතුවා. එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් …

Continue Reading

ජනපතිගේ ක්ෂණික මානුෂික මෙහෙයුම

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා  අද (23) පස්වරුවේ  කාර්යාලය වෙත ගියේය.  රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි.  කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි …

Continue Reading

20ට ජනමත විචාරණයක් ඉල්ලන පෙත්සම් ගණන 07 දක්වා ඉහළට

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (23) සමගි ජන බලවේගය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ආණ්ඩුව විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර …

Continue Reading

පාසල්වල අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කරයි

ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා. සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Continue Reading

යුද්ධයේ කටුක බව අත්විඳි ජාතියක් ලෙස ලෝක සාමයට කැප වෙනවා – මහා මණ්ඩල සමුළුවේදී ජනපති කියයි

ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවන්ට තිරසාර විසඳුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි. කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු …

Continue Reading

‘ප්‍රේම ත්‍රිකෝණයක්’ බිහිසුණු ද ? ආදරණීය ද ? ඇත්ත නැත්ත දැන ගනිමු!

සබඳතාවලදී “ප්‍රේම ත්‍රිකෝණය Love Triangle” යන වාක්‍ය ඛණ්ඩය අපට බොහෝ විට අසන්නට ලැබේ. ඒ් තුන්වන පුද්ගලයකු එකතු කිරීමත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් සංකීර්ණ වන විට ය. එවැනි ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා වෙනුවෙන් කැපවී සිටින නමුත් ඔවුන්ගෙන් එක් අයෙකු තවත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනී.  සමහර විට සම්බන්ධතාවයක් තේරුම් ගැනීමට අපහසුය. ඔබට එයට නමක් දීමට නොහැකි නමුත් ඔබට යන්නට අපහසුය. එකම ව්‍යාකූලත්වය …

Continue Reading