පාතාලයන් 5ක් රැකවලුන් ලෙස සිටින කැබිනට් ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න අගමැතිගෙන් නියෝගයක්

කැබිනට් ඇමැතිවරයකු විසින් පාතාලයේ සාමාජිකයන් පස් දෙනකු සිය රැකවලුන් ලෙස තබාගෙන සිටින්නේ දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ප්‍රකාශ කළේය. එවැන්නක් පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන් බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයා එසේ පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි පද්ම උදයශාන්ත …

Continue Reading

වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ තදබදය මඟහරවා ගැනීම පිණිස එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරුන් 50ක් බඳවා ගැනීමට අනුමැතිය

ජාතික වෛද්‍ය ප්‍රවාහන අංශයේ පවතින වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ තදබදය මඟහරවා ගැනීම පිණිස ලබාගත් කැබිනට් අනුමැතිය මත එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරුන් 50ක් ඉදිරි මාසය ඇතුළත බඳවා ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. නවීකරණය කරන ලද ජාතික ප්‍රවාහන ආයතනයේ තෙවැනි මහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී …

Continue Reading

ඇතැම් පොලිස් නිලධාරීන් බොරු චෝදනා මත ස්ථානීය දඩ නියම කරනවා

රථ වාහන පොලිසියේ ඇතැම් නිලධාරීන්, මාර්ග ධාවනය පිළිබඳ වැරැදි සම්බන්ධයෙන් රියැදුරන් හට අසත්‍ය චෝදනා එල්ල කරමින් ස්ථානීය දඩ නිකුත් කරන බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ පනත උල්ලංඝනය කරමින් සිදු කරන රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට, එම වරද සිදු කරන තැනැත්තාට ස්ථානීය දඩ ගැසීමට මෙන්ම අධිකරණ හමුවේ නඩු පැවැරීමටත් පහසුකම් සලසා …

Continue Reading

ග්ලයිෆොසේට් භාවිතය තේ සහ රබර් සඳහා පමණයි

සියලු බෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය ඊයේ (16දා) දිනය වන විට යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. 2015 වසරේදී ගැසට් නිවේදනයක් මඟින් රසායනික ග්ලයිෆොසේට් අඩංගු කෘමිනාශක සඳහා නිකුත් කරන ලද සෑම බලපත්‍රයක්ම අවලංගු කළ අතර පසුගිය 11 වැනිදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මඟින් …

Continue Reading

බැසිල් රාජපක්ෂට අමෙරිකාවට යන්න අධිකරණයෙන් අවසර

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය. ඒ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා විසිනි. මේ යටතේ බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 වැනිදාත් නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැයකර ජී.අයි. පයිප්ප මිලදී ගෙන දේශපාලන කටයුතු සඳහා පලාත් …

Continue Reading

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ඇරඹෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වේ. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා අද විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ …

Continue Reading

රජයේ ඉලක්කය සෑම පුරවැසියෙකුටම ඉඩමක්, නිවසක්, ආදායමක් – අමාත්‍ය කබීර් හෂීම්

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවිමෙන් මෙම ඉඩම් ඔස්පු දස …

Continue Reading

‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමයට අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවනු ලබන 2018 ‘මාධ්‍ය අරුණ’ විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක (රු. 3,00,000) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු …

Continue Reading

රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට

රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ අද සිට ක්‍රියාත්මක වේ.  නව ස්ථානීය දඩ පත්‍රිකාව අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. නව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත් වේ. මීට පෙර පැවති දඩ පත්‍රිකාවේ වැරදි 23ක් පැවති අතර එහි ඇතුළත්ව තිබූ වැරදි තුනක් නව දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇති බවයි පොලිස් …

Continue Reading

ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම්

ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය. තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය. ‘රට පුරා බහු දින යාත්‍රා 4650 ක් පමණ තියනවා.ඉන්ධන මිළ ඉහළ දැමීම …

Continue Reading