මහවිරු සැමරුම සැමරූ අය සොයා ආරක්ෂ අංශ සීරුවෙන්

හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බවයි. ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Continue Reading

පුංචි ඡන්දයට පොහොට්ටුවෙන් දිස්ත්‍රික්ක 3 කට මුදල් ඇප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනක ආසන 16 ක් සඳහා අද ඇප මුදල් තැන්පත් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ගම්පහදිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩ යන නගර සභාවන්ට …

Continue Reading

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම ඉල්ලුවේ නෑ

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාරයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා) අහුන්ගල්ලේදී පැවැසීය. අමරපුර චූලගන්ධි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද ස්‌වාමීන්වහන්සේගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්‌ථානයේදී පැවැති පිංකමක්‌ අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා කීය. අනුනාහිමියන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන ශතාධික සංඝගත දක්‌ෂිණාවක්‌ද, ගැබිනි මාතාවන් …

Continue Reading

පළාත් පාලන ආයතන 93 ඡන්දයට සූදානම්

ගැසට්‌ නිවේදනය අද නාමයෝජනා කැඳවීම 11 දා සිට අභියාචනාධිකරණයේ වාරණයට අදාළ නොවන කිසිදු ගැටලුවක්‌ නොමැති පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම සිදුකිරීමට පෙරේදා (25 දා) රැස්‌ වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය. ඒ අනුව අද (27 දා) එම ආයතනයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමටද එහිදී තීරණය කර ඇත. අද සිට ඉදිරියට දින 13 …

Continue Reading

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාෆා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්‌ කතානායක කරූ ජයසූරිය මහතාට අද භාර දී ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධව මෙසේ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල …

Continue Reading

ඡන්ද ආධාර විදිහට අර්ජුන් ඇලෝසියස් මට සල්ලි දුන්නා-අමාත්‍ය ෆොන්සේකා කැළණියේදී පවසයි

මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය. …

Continue Reading

ළඟ එන උත්සව සමයේ සිදුවිය හැකි අකටයුතු ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධියෙන්.

පාරිභෝගිකයින්ට වෙළෙදපලේ දී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පියවර ගෙන තිබේ. දිවයින පුරා ආවරණය වන පරිදි ලබන වසරේ ජනවාරි 15 වන දින දක්වා මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය. මෙම වැඩපිළිවෙල යටතේ සෑම දිස්ත‍්‍රික්කයකම ඇති ප‍්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා …

Continue Reading

අනුන්ගේ වාහන තමන්ගේ වගේ විකුණන ජාවාරම් කරුවා සැඟවී සිටියදි පොලිසිය කොටුවේ

කල්බදු වාරික ගෙවීමට අපහසු පුද්ගලයන්ගේ වාහන ලබාගෙන ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස්‌ කර ඒවා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවූ වැඩ තහනමට ලක්‌වූ පාසල් ගුරුවරයකු වංචා කර ලබාගත් රුපියල් ලක්‌ෂ 60 කට අධික වටිනාකමින් යුත් වෑන් රථයක්‌ හා මෝටර් රථයක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පෙරේදා (18දා) සමත්විය. එම ඒකකයට ලැබුණ තොරතුරකට අනුව …

Continue Reading

අසත්‍ය ප්‍රචාර එපා: දැඩි දඬුවම්

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා පැතිර යමින් පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ. විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම තත්ත්වය දක්නට ඇතැයිද සදහන් කෙ‍රේ. ගාල්ල ගිංතොට සිද්ධිියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව ද, මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කරවීමේ අදහසින් මෙවැනි ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරමින් …

Continue Reading

CID අයි.පී. කෙනෙක්ගේ නංගි ළඟත් කුඩු

හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක්‌ ළඟ තබාගෙන හික්‌කඩුව, සීනිගම දුම්රිය ආරක්‍ෂක ගේට්‌ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ නැගණියක බව කියන කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය නියෝග කළාය. හෙරොයින් තොගයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකාරිය මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවද මහෙස්‌ත්‍රාත්වරිය මෙහිදී …

Continue Reading