AL විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – අධ්‍යාපන ඇමැති ඩලස්

Spread the love

උසස් පෙළ විභාගය කිසිසේත් කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය කල් යන බවට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන දෙකක් සහ සමාජ මාධ්‍ය විසින් ගෙන යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය ඒවා වන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

‘ පසුගිය වසරේදීත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන්නා. පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය හේතුවෙන් උසස්පෙළ දරුවන්ට මාස තුනක් අහිමි වුණා. එයින් දරුවන් තුළ ඇතිවූ කම්පනය බරපතලයි.

ඒ වගේම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැනත් සමාජය තුළ යම් කුතුහලයක් තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා අවශ්‍යව තිබෙන්නේ ලකුණුවල නිරවද්‍යතාව පරික්ෂා කිරීම හා දත්ත ඇතුළත් කිරීම පමණයි. ඇදිරි නීතිය පවතින කාල සීමාවේ ද එම කටයුතු සිදුකරනවා. නිලධාරින් 35 දෙනෙකුට දින 14 කදී මෙම කටයුතු අවසන් කළ හැකියි. ඇදිරිනීතිය පවතින අවස්ථාවේම එම කටයුතු නිමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බැවින් ඒ සදහා වෙනම හෝටලයක් වෙන් කර ගෙන එහි සිට කටයුතු කරනවා. මේ කටයුතු අවසන් කර 30 වැනිදාට ප‍්‍රථම ප‍්‍රතිපල නිකුත් කිරීමට හැකියාව තිබෙනවා.

RSL

Related Posts