Covid-19: එක් වරක් ආසාදනය වූවන්ට නැවත වරක් ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක්
- RSL
- February 2, 2021
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
Covid-19 ආසාදනය වූවන් හට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ.
කෙසේ වුවද එම පර්යේෂණයෙන් ප්‍රතිදේහ හෝ ප්‍රතිශක්ති පද්ධතිය වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් හා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් හෙළිව නැහැ.
කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය මාස පහක පමණ කාලයක් පවතින බවත් ප්‍රතිදේහ සහිත ආසාදිතයින්ගෙන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බව ද එම පර්යේෂණයෙන් තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

