සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ 5286ක් එන්නත් කරයි – අද ‘නව ආසාදිතයින් 859ක්’
- RSL
- January 29, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්දියාවෙන් පරිත්‍යාගයක ලෙස ලැබුණු AstraZeneca COVISHELD එන්නත එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) දින සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ නිලධාරීන් සහ සේවක සේවිකාවන්ට 5286 දෙනෙකුට එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් අද (29) දින ප.ව 21.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද (29) දින කොවිඩ්-19 නව ආසාදිතයින් 859 දෙනකු වාර්තා වූ බවයි.
මේ සමග දිවුලපිටිය, බන්ධනාගාර සහ පෑලියගොඩ කොවිඩ්-19 පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58,489 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


