මන්ත‍්‍රීවරියකගෙන් පහර කෑ ප‍්‍රාදේශීය සභා සභාපති රෝහලේ
- RSL
- January 27, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකගේ පහරකෑමට ලක්වූ බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවී ඇත.
පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි

