නිවැරදි Foundation එකක් තෝරා ගන්නේ කෙසේද ?

Spread the love

විවිධ වෙළද නාම යටතේ විවිධාකාරයේ ෆවුන්ඩේෂන් Foundation වර්ග වෙළදපොළේ තිබෙනවා. ඒ අතරින් ඔබ තෝරාගත යුත්තේ ඔබගේ සමට වඩාත්ම හොදින් ගැළපෙන ෆවුන්ඩේෂන් වර්ගයයි. උඩින් පේන පාට බලා ගත්තට එමගින් නිවරදිවම ඔබේ සමට ගැලපෙන වර්ණය තෝරා ගත නොහැකියි. ගන්න කලින් ඔබේ සමට ගැලපෙනවාද යන්න බලා තහවුරු කර ගැනීම කල යුතු යි.

ඇත්තටම කොහොමද සමට ගලපා ගන්නේ ?

100% Pure 2nd Skin Foundation - Ecco Verde Online Shop

ගොඩක් දෙනෙක් ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නේ අතේ මැණික් කටුව ප්‍රෙද්ශයේ ආලේප කරලයි. නමුත් මේක ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නා නිවැරදි ක්‍රමය නම් නෙවෙයි. මොකද මුහුණේ පැහැය හා අතේ මැණික් කටු ආශ්‍රිත ප්‍රෙද්ශයේ පැහැය එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසාම ඔයාගේ මුහුණට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක නිවැරදිව තෝරා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා ෆවුන්ඩේෂන් ටිකක් මුහ්ණේ ආලේප කරලා බලන්න පුළුවන්. ඒත් ආලේප කල විගස නම් ෆවුන්ඩේෂන් එක ඔබගේ සමට ගැළපෙනවාද යන්න හරියටම තහවුරු කරන්න එක අපහසුයි. නමුත් ටික වෙලාවක් ගියාම ෆවුන්ඩේෂන් එක ඔබගේ සමට උරා ගන්නවා .එවිට ඔබට පුළුවන් ඔබගේ සමට හරියටම ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න. ෆවුන්ඩේෂන් එක හරියටම ගැලපුනේ නැති වුනාම තමයි මේකප් එක ඔබට නොගැළපෙන ලෙස හෝ අස්වාභාවික බවක් පෙන්නුම් කරන්නේ.

ඒ වගේම තමයි ෆවුන්ඩේෂන් එක අත්හදා බලද්දී හොදින් ආලෝකය ඇති තැනකට යොමු වෙන්නත් අමතක කරන්න එපා.

ෆවුන්ඩේෂන් නිවැරදිව භාවිතා කරන ආකාරය

ෆවුන්ඩේෂන් භාවිත කරන්න පුළුවන් ආකාර කීපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ සමට අනුව එය භාවිතා කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යෙයන් ස්ටික් ආකාරයට, පවුඩර් එකක් ආකාරයට, එහෙමත් නැත්නම් දියරමය (ලික්විඩ්) වශයෙන් ද ෆවුන්ඩේෂන් එකක් ලබා ගන්නත්, භාවිතා කරන්නත් පුළුවන්.

ඉතිං ඔබේ සමේ ස්වභාවය අනුව හොදම ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න සැළකිලිමත් විය යුතු යි.

Text – දර්ශී මාතොටආරච්චි – Thisumi beauty culture Academy – Horana

Tags: