ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප් කමිටුව හමුවට
- RSL
- January 18, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගබඩාකිරීම සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව හෙට (19) කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතබව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
මේ අනුව ලංකාවේ ඛනිජ තෙල ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් හෙට කෝප කමිටුවට පැමිණීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කෝප් කමිටුව මෙසේ රැස්වන බව මහාචාර්යවරයා සදහන් කළේය.

