උතුරු කොරියාව ‘ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි
- RSL
- January 15, 2021
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ‘ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී වාර්තාවල සදහන් වේ.

නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කළ බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.
උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර කරමින් මෙසේ සදහන් කර තිබෙනවා. “ලෝකයේ බලවත්ම ආයුධය වන සබ්මැරීනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල එකින් එක චතුරස්‍රයට ඇතුළු වී විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ගේ ශක්තිය පෙන්නුම් කරයි”
පසුගිය සතියේ සිය පක්ෂයේ සාමාජිකයින් අමතමින්, උතුරු කොරියානු නායකයා උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිලිටරි ශක්තිය වැඩි කරන බවට ප්‍රතිඥා දෙමින් මෙසේ සදහන් කළා.
“ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ විප්ලවයට ඇති ලොකුම බාධකයයි, බලයේ සිටින්නේ කවුරුන් වුවත් උතුරු කොරියාවේ ප්‍රතිපත්ති කිසිවිටකත් වෙනස් නොවනු ඇත.” යනුවෙන් උතුරු කොරියානු නායකයා අවධාරණය කළා.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ඇමරිකාවේ නව ජනාධිපතිවරයා වන බයිඩන්ගේ පාලනයට උතුරු කොරියාවේ වර්ධනය වන යුධ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා මෙම පෙළපාලිය පැවැත්වූ බවයි.

