රංජන් රාමනායකට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
- RSL
- January 12, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.
මේ අතර සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

