ක්‍රිකට් නිලවරණයේ වගකීම ත්‍රිපුද්ගල කමිටුවක් යටතට
- RSL
- January 7, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉදිරියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර ගැනීම වෙනුවෙන් අද (07 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අති විශේෂ මහ සභා රැස්වීමේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ගැනීම සඳහා සාමාජිකයින්ගේ කැමැත්ත හිමිවූහ.
ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කීපයක සේවය ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් සේවය කරන ලද ආචාර්ය ඩී.එම්.ආර්. දිසානායක මහත්ම මහත්මීහු පත්වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය විසින් ඒකමතිකව තේරී පත් වුණු මෙම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ වගකීම පැවරෙනු ඇත. කොළඹදී පැවැති මෙම අති විශේෂ මහ සභා රැස්වීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.

