පොළොන්නරු – සීගිරි යන්න ඉන්න දේශීය සංචාරකයින්ට නිවේදනයක්
- RSL
- January 3, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරකයින් පිරිස සංචාරය කිරීමට නියමිත ස්ථාන කිහිපයක් හෙට (04) සහ අනාදිදා (05) දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (04) දින පස්වරු 1.00න් පසුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට විවෘත නොකරන අතර, 05 වැනි දින දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

