විදේශයන්හි සිට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි යළි හඳුන්වා දීමට යයි

Spread the love

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හමුවේ, විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය අද (22) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වයිරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියා පටිපාටිය අඛණ්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ. 

තත්ත්වය යළි ඇගයීමෙන් පසුව, නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.

Tags: