මෙවර උත්සව සැමරීම ‘සැමවිටම පවුලේ අයට’ පමණක් සීමා කරන්න
- RSL
- December 14, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
තවත් සති දෙකකින් උදාවන උත්සවය සමය වෙනත් කාලවල මෙන් සැමරීමට ස්වභාවධර්මය අපට ඉඩදී නැති බවත් මේ තත්ත්වය තුළ එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කටයුතු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට පමණක් සීමා කරන ලෙසයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද සදහන් කළා.
“තවත් සති දෙකකින් උත්සව සමය උදා වෙනවා. මෙවර උත්සව සමය වෙනත් කාලවල මෙන් සැමරීමට සොබාදහම අපිට ඉඩදී නෑ. ඒ නිසා මෙවර උත්සව සැමරීම සැමවිටම පවුලේ අයට විතරක් සීමා කරන්න. විශේෂයෙන් මේ දිනවල පොලිසිය සිවිල් ඇඳුමෙන් පොදු ප්‍රවාහන සේවාවල නිරීක්ෂණයට යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජනතාව නිරෝධායන නීතිවලට අනුව කටයුතු කරන්නේදැයි එම නිලධාරීන් සොයාබලනු ඇති. එසේ නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

