අවුරුදු 397කට පසුව දෙසැම්බර් 21 දා ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා ගැටුමක් !

Spread the love

ඉහළ ඡායාරූපය – ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය.

2020 දෙසැම්බර් මාසයේ දී ඉතාම චිත්තාකර්ශනීය ආකාශ දර්ශන කීපයක් ලෝකයට දැක ගැනීමට ලැබෙනු ඇත

දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට අහස නැරඹීමේ සිත්ගන්නා සුළු අහස් කන්නාඩි නිෂ්පාදන මෙම දෙසැම්බර් මාසය තුළ ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

ග්‍රහලෝක දෙකක් දියවෙමින් එකක් බවට පත්වීම, ඉතා දර්ශනීය උල්කාපාත වර්ෂාව සහ පූර්ණ සූර්යග්‍රහනයක් ආදී මේ සියල්ල නැරඹීමට අපට අවශ්‍ය කරන්නේ පැහැදිලි ගුවන්තලයක්, අක්ෂි ආරක්ෂණ මෙවලමක් සහ ඒවා නැරඹීමට සුදුසු අවස්ථාව සහ ස්ථානයක් තෝරාගැනීම පමණි.

මේ දෙසැම්බර් මාසය තුළ විශ්වය අපට දර්ශනය කරනු ලබන දේවල් කාල නීර්ණය අනුව පහත දැක්වෙන පරිදි පෙළ ගස්වමු:

13-14 දෙසැම්බර්: ‘ගෙමිනිඩ්’ උල්කාපාත වැස්ස සමස්ත ලෝකයටම දර්ශනය වනු ඇත

The Geminids meteor shower during its peak, in the night sky over Tokarevsky Lighthouse on Egersheld Cape on Russky Island in the Sea of Japan, December 2017.
මෙම පින්තූරයේ දක්නට ලැබෙන රුසියාවේ ඈත පෙරදිග ‘ව්ලදිවොස්තොක්’ පටන් ‘ඩකාර්’ තෙක් වෙසෙන සියළු දෙනාට පැහැදිලි අහස්තලයෙහි ජෙමිනි උල්කාපාත වැසි දර්ශනය වනු ඇත

ඇතැමුන් පසුගිය ආසන්න මාසවලත් උල්කාපාත නරඹා තිබිය හැකිය. නමුත් දෙසැම්බරයේ දී ලෝකයට දකින්නට ලැබෙන්නේ ‘උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්මයි’.

“තාරකාවක් පිටුපස පැතිර පවතින වල්ගා වැනි දූවිලි වලාවෙන් අතරින් පෘථිවිය ගමන්ගැනීමේ දී උල්කාපාත වැසි ඇතිවෙන” බව එක්සත් රාජධානියේ රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥවරියක වන පැට්‍රීෂියා ස්කෙල්ටන්( Patricia Skelton) පවසයි.

“ගෙමිනිඩ් තාරකා වැස්ස අපූරු දර්ශනයක්. එය ෆයිටන් 3200 යනුවෙන් නම්කරනු ලැබ ඇති තාරකාවක එල්ලී පවතින දූවිල්ලයි,” පැට්‍රීෂියා පවසන්නීය.

අප ජීවත්වෙන ග්‍රහලෝකය අභ්‍යවකාශයෙහි ඉතිරිව ඇති සුන්බුන් අතරින් ගමන්ගන්නා විට නොමිලේම අලංකාර රාත්‍රී අභ්‍යවකාශ සංදර්ශනයක් ද නැරඹීමට සෑම වසරකම අපට අවස්ථාව උදාවෙයි. දෙසැම්බර් මාසයේ 13-14 දිනවල එහි උච්ඡතම අවස්ථාවේ දී පැයකට කඩාවැටෙන තරු සංඛ්‍යාව 150ක් පමණ වෙයි.

A composite image of the 2017 Geminid meteor shower in Arizona.
අන්ධකාර රාත්‍රිය ජීවිතයේ සදා මතකයේ රැඳෙන අහස් දසුනක් නැරඹීමට හොඳ අවස්ථාවක් වනු ඇත

“උල්කාපාත පෘථිවි අවකාශයට පතිතවන්නේ තත්පරයකට කිලෝමීටර් තිස්පහක (35) වේගයකින්. පැයකට කිලෝමීටර් 130,000කට කිට්ටු වේගයකින්,” පැට්‍රීෂියා පවසයි.

“කහපාටින් ඇතැම්විට හරිත සහ නිල පැහැයෙන් රෑ අහස පුරා ආලෝකධාරාවන් දකින්නට බලාපොරොත්තු වෙන්න! හැම දිශාවකටම උල්කාපාත ගමන් ගැනීමත් සමඟ දකින්න ලැබෙන්නේ එවැනි දර්ශනයක්!” ඇය තවදුරටත් විස්තර කරන්නීය. එවැනි අපූරු සුන්දර දර්ශනයක් නැරඹීමට වඩාත් උචිතවන්නේ අඳුරු පරිසරයකි. එහෙත් ආලෝකයෙන් දූෂණය වී පවතින නාගරික ප්‍රදේශවලදීත් එම දර්ශනය නැරඹීමට හැකිවනු ඇත.

මේ අතර මෙවර තවත් ශුභ ආරංචියකි! පසුගිය වසරේ මෙම සංසිද්ධීන්හි අලංකාරය විඳ ගැනීමට නොහැකිවුනේ බබලමින් පුරහඳ හේතුවෙනි. එහෙත් මෙවර අළුත් සඳකි. පුරහඳ සැඟව ගොසිනි. අහස්තලයේ අඳුර මැද උල්කාපාත සංදර්ශනය හොඳින් නැරඹීමට අවස්ථාව උදාවී පවතී.

14 දෙසැම්බර්: පූර්ණ සූර්යග්‍රහණයක් චිලී සහ ආර්ජන්ටිනාවාසීන්ට නැරඹීමට හැකිවනු ඇත

Panoramic view of Patagonia: The recently paved road connecting El Calafate to El Chalten is renowned to be one of the most beautiful roads in the world.
මහ දවාලක හදිසියේම ලෝකය අන්ධකාරයෙන් වැසීයද්දී පැරණි ලෝකයේ මිනිසුන් කුමක් සිතාගන්නට ඇද්ද?

නමුත් අද අන්තර්ජාලයට පිංසිදුවන්නට ලෝකයේ කොතැනක හෝ සිදුවෙන දෙයක් සජීවී මට්ටමින් සෙසු ලෝකයට දැනගන්නට ලැබෙයි.

දැන් පැතිර පවතින වසංගතයට පෙර මෙය සිදුවී නම්, බොහෝ දෙනා එම අනගි දර්ශනය නැරඹීම සඳහා චිලී දේශයේ දකුණු කලාපයට හෝ ආර්ජන්ටිනාව කරා සේන්දුවිය හැකිව තිබුණි. එහෙත් පවතින වසංගත පරිසරය යටතේ වෙනත් බොහෝදේවල් මෙන්ම මෙම දුර්ලභ දර්ශනයත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට සිදුවනු ඇත.

ඒ අතරම තමන් ජීවත්වෙන ස්ථානයේම සිටිමින් ඉහත කී අපූරු අහස් සංදර්ශනය නැරඹීමට තරම් වාසනාවන්ත වෙන පුද්ගලයන් වේ නම්, සූර්යයා දෙස කෙලින්ම නොබලා ඒ සඳහා අක්ෂි ආරක්ෂණයක් උපයෝගීකර ගන්නා ලෙස විද්‍යාඥයෝ ඔවුන්ට උපදෙස් දෙති.

මිනිත්තු විසිහතරක් වූ අපූරු කාලවේලාවක් පුරා චන්ද්‍රයා සූර්යයාගේ මුහුණ ආවරණය කරමින් ඒ හරහා ගමන්කරනු ඇත.

“එම කාලය තුළ චන්ද්‍රයා හිරු මුහුණත සහමුලින්ම ආවරණය කරනු ලබන්නේ මිනිත්තු 2තත්පර 9.6ක කාලයකට පමණි,” ග්‍රිනිච් හි රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ටානියා ඩි සාලෙස් මාර්කේස් (Tania de Sales Marques) පවසයි.

“චන්ද්‍රයා සූර්යයාට වඩා හාරසිය ගුණයකින් පුංචියි. ඒ කියන්නේ හිරු සඳුට වඩා හාරසිය ගුණයක් විශාලයි,” ටානියා පවසයි.

“නමුත් චන්ද්‍රයා අපට ලොකුවට පෙන්නේන්නේ එය අපේ ග්‍රහලෝකයට කිට්ටුවෙන් පිහිටීම නිසයි. එම තත්වය නිසා චන්ද්‍රයාට සමස්ත හිරු මුහුණත අපෙන් ආවරණය කරන්න පුළුවන්කම ලැබෙනවා,” ටානියා විස්තර කළාය.

චන්ද්‍රයාගේ ගමන් පථය සූර්යයා ඉදිරිපිටින් වන හෙයින් නියමිත දවසේ හරියටම මධ්‍යාහ්නයෙහි දකුණු ඇමෙරිකාවේ දකුණු කලාපය ඝන අඳුරු තිරයකින් ආවරණය කරන ලද ආකාරයේ තත්වයකට පත්කරනු ඇත.

Low angle view of solar eclipse in sky during foggy weather.
සූර්යයා දෙස කෙලින්ම නොබලන්න! පූර්ණ සූර්යග්‍රහණ මොහොතේවත් කෙලින්ම එදෙස කෙලින්ම නොබලන්න!

අහස්කුස සිදුවෙන වෙනස්කම් කෙරෙහි විශේෂයෙන්ම සමීප අවධානය යොමුකරනු ඇත්තේ දකුණු ඇමෙරිකාවේ චිලී සහ ආර්ජන්ටිනා කලාපයේ පිහිටි හුදෙකලා ‘පැටගෝනියා’හි ආදිවාසී ‘මපුචේ’ (Mapuche) ජනතාවයි.

“හිරු පුරුෂ ශක්තියේ සංකේතයක්. සඳ කාන්තා ශක්තියේ සංකේතයක්. ඒ බලවේග දෙක අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන්ගේ ගමන් පථය ඔස්සේ ගමන්ගැනීමේ දී හටගන්නා සාතිශය උනන්දුව අපට ඉතාම සුන්දර මොහොතක්!,” ‘මපුචේ’ අන්තර් සංස්කෘතික සබඳතා විෂයෙහි ප්‍රවීනයකු වන මාර්සෙලෝ හ්යුකෙන්මන් (Marcelo Huequenman) පවසයි.

“මපුචේ ආදිවාසීන් සූර්යග්‍රහණ ඉදිරියේ භීතියට පත්වීම ඔවුන්ගේ ගතානුගතික පුරුද්දයි. ඔවුන්ගේ ව්‍යවහාර භාෂාවෙන් ඔවුන් සූර්යග්‍රහණ හඳුන්වනු ලබන්නේ ‘lhan Antü’ යන වචනයෙනි. එහි තේරුම ‘හිරුගේ මරණය,” යන්නයි. මාර්සෙලෝ පැවසීය.

“ලොවපුරා ඇතිවූ සූර්යග්‍රහණ ගැන වසර 5000කට ආසන්න ඉතිහාසය පුරාම වාර්තාගතව තිබෙනවා,” ටානියා පවසන්නීය.

“මිනිස් ඉතිහාසයේ වැඩිම කාලයක් තුළ මිනිසුන් පූර්ණ සූර්යග්‍රහණ අශුභ නිමිත්තක් ලෙස තේරුම් ගැනීම පහසුයි. සූර්යයා ගොදුරක් වන ආකාරයක් දක්නට ලැබීම සහ එක්තරා සුළු කාලයක් දවාල රාත්‍රියක් බවට පත්වීම ඊට හේතුවයි,” තාරකා ශාස්ත්‍රඥවරිය පවසන්නීය.

ඇය තවදුරටත් මෙසේ සඳහන් කරයි.

“එක අවුරුද්දක් ඇතුළත සූර්යග්‍රහණ පහක් විතර ඇතිවෙන්න පුළුවන්. නමුත් පූර්ණ සූර්යග්‍රහණයක් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් වෙන්නේ – මාස 18ක් වගේ කාලයකට.එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් ඇතිවෙන්නේ චන්ද්‍රයා හිරුගේ රශ්මි කදම්භය ආවරණය කරමින් හිරු සහමුලින්ම අවහිර කිරීමක් සමඟයි.”

එවැනි තත්වයක් යටතේ ලෝකයට ඊළඟ පූර්ණ සූර්යග්‍රහණ නැරඹිය හැකි කලාප සහ කාලය මෙසේ සඳහන් කළ හැකිය.

  • ඇන්ටාක්ටිකා – 2021 දෙසැම්බර්
  • ඉන්දුනීසියා සහ ඕස්ට්‍රේලියා -2023 අප්‍රියෙල්
  • ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව-2024 අප්‍රියෙල්
  • දකුණු යුරෝපය සහ ග්‍රීන්ලන්තය -2026 අගෝස්තු
  • මැද පෙරදිග සහ අප්‍රිකාවේ බොහෝ රටවල් – 2027 අගෝස්තු

දෙසැම්බර් 21: බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු ග්‍රහ සංයෝගය සමස්ත ලෝකවාසීන්ට දැකගැනීමට ලැබෙනු ඇත

The trio of (L to R) Saturn, Mars and Jupiter in conjunction in the dawn twilight, taken from home in Alberta on March 26, 2020. This is a stack of 10 exposures.
ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය.

“බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු දිදුලන දීප්තියකින් යුක්ත ග්‍රහතාරකා දෙකක් වන නිසා ඒවා ඇසින් නැරඹීමට පහසුම ගහතරු වෙන්න පුළුවන්,” ග්‍රිනිච් රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ විශේෂඥයකු වන එඩ් බ්ලූමර් (Ed Bloomer) පවසයි.

“ග්‍රහතාරකා දෙකක් එකට සමීපව සංයෝජනය වෙමින් එකක් හැටියට බබලන්නට පටන්ගැනීම චිත්තාකර්ෂණීය දර්ශනයක්. එම දර්ශනය අපට මෙම දෙසැම්බර් 21 දින රාත්‍රිකාලයේ නරඹන්න අවස්ථාව ලැබෙනවා. අහස්කුස සැරිසරමින් සිටින බෘහස්පති තාරකාව සහ සෙනසුරු දෙසැම්බර් 21 වෙනිදා එකිනෙකාට සමීපවෙන අවස්ථාවේ අපට පෙනෙන්නේ ඒ දෙන්නා එකට ගැටෙනව වගෙයි,” එඩ් බ්ලූමර් එම දර්ශනය විස්තර කරයි.

අපි පියෙවි ඇසින් එම දර්ශනය නරඹන විට පෙනෙන්නේ ඔවුන් දෙදෙනා අතර පරතරය 0.1º ක් හැටියටය. නමුත් යතාර්ථය ඊට වෙනස්වූවකි. පෘථිවිය සහ බෘහස්පති අතර කිලෝමීටර් මිලියන 800කටත් වැඩි දුරකි. එසේම පෘථිවිය සහ සෙනසුරු අතරත් ඊට ආසන්න දුරක් ඇත. ඉහත කී දර්ශනය අප නෙතට හසුවන්නේ එම පිහිටීමේ කක්ෂ අනුවය.

කෙසේවෙතත්, පාෂාණමය පෘෂ්ටයක් නොමැති හයිඩ්‍රජන් සහ හීලියම් වායුවෙන් මගින් සංයුක්ත බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු (two giant gas planets) යෝධ ග්‍රහයන් දෙදෙනා අපට ඉහලින් පිහිටි අහස් විමනේ දී අන්තිමේ දී එකට මුණගැසෙනතෙක් මාස කීපයකට එකිනෙකා වෙත අඟලකින් පමණ සමීපවීමක් දක්නට ලැබෙයි.

“එවැනි සංයෝගයක් නැරඹීමට ලැබීම විනෝදජනකයි. විශේෂයෙන්ම,එම ග්‍රහතරකා එලෙස එකතුවීමට පෙර දවස් සහ ඔවුන් සමීපවීම සහ එම වෙනස සිදුවෙන ආකාරයත් දකින්නට ලැබීම සිත්ගන්නා සුළුයි,” එඩ් බ්ලූමර්(Ed Bloomer) පවසයි.

අහස නරඹනු රිසි දුරදක්න යුවළක් හෝ කුඩා දුරේක්ෂයක් ඇත්නම්, එම තැනැත්තාට බ්‍රහස්පතිගේ යෝධ චන්ද්‍රයන් සතරදෙනා වන අයෝ (Io) යුරෝපා ( Europa)ගැනිමිඩි(Ganymede) සහ කැලිස්ටෝ (Callisto) පවා දැක ගැනීමට හැකිවනු ඇත.

එම චන්ද්‍රයන් සිව්දෙනා හඳුන්වනු ලබන්නේත් ගැලීලියෝගේ චන්ද්‍රයන් හැටියටය. ඊට හේතුව ඒවා ඉතාලි ජාතික තාරකා ශාස්ත්‍රඥ ගැලිලියෝ ගැලිලි විසින් සොයාගනු ලැබීමය. තමා විසින්ම නිර්මාණය කරනලද අලුත් දුරේක්ෂයක් උපයෝගීකර ගනිමින් ගැලිලියෝ 1610 වසරේ දී එම චන්ද්‍රයන් හතර නිරීක්ෂණය කළේය.

Artwork of Jupiter and its largest four (Galilean) moons. From left to right the bodies are Io, Callisto, Jupiter (with the shadow of Io cast upon it), Ganymede and Europa. The bodies are all shown to the correct scale, as viewed from a distance somewhere beyond the orbit of Callisto
දුරදක්නය සූදානමින් තබාගන්න!වම් පසින් ඔබට පෙනෙන්නේ ‘අයෝ’ සහ ‘කැලිස්ටෝ’ චන්ද්‍රයන් දෙදෙනායි. මැද ප්‍රමාණයෙන් විශාල ග්‍රහයා බ්‍රහස්පති තාරකාවයි.’ගැනිමිඩ්’ සහ ‘යුරෝපා’ චන්ද්‍රයන් දකුණින් දිස්වෙයි

බ්‍රහස්පති-සෙනසුරු සංයෝගයක් සිදුවන්නේ සෑම අවුරුදු 19.6කට වරකි. එහෙත් මෙවර දක්නට ලැබෙන සංයෝගය ඉතා සුවිශේෂී වූවකි. ඊට හේතුව 17 ශතවර්ෂයේ මුල් භාගයේ සිදුව ඇති සංයෝගයටත් වඩා මෙවර 29020 සංයෝගයේ දී ග්‍රහයන් දෙදෙනා බොහෝ කිට්ටුවීමය.

බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු අවසන් වතාවට මෙතරම් සමීප වී තිබෙන්නේ 1623 දීය. මෙයින් අවුරුදු 397කට පෙර. එබැවින් අපි නැවතත් ගැලිලියෝ සිහිපත් කරමු!

“මෙය ජීවිතකාලය තුළ දකින්නට ලැබෙන පුදුම සිද්ධියකටත් වඩා එහා ගිය දෙයක්,” එඩ් බ්ලූමර් පවසයි.

“ග්‍රහතාරකා ආදියේ චලිතය නිරීක්ෂණය කරනු ලැබීම ඇත්තෙන්ම මිනිසා අභ්‍යවකාශය තරණය කරනු ලැබීමට බොහෝ කාලයකට පෙරාතුවම මානව වර්ගයාට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව අවබෝධයක් ලැබුනා,” එඩ් බ්ලූමර් සඳහන් කළේය.

“අභ්‍යවකාශයේ සිදුවෙන ඉහත කී ආකාරයේ භෞතික සංචරනයවීම් විශ්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙන්ම,පෘථිවියේ ගණනින් සඳහන් කළ නොහැකි තරමේ විද්‍යාත්මක ප්‍රගතියකට සහ නව සොයාගැනීම් සඳහා මහෝපකාරී කාර්යයක් ඉටුකළා,” එඩ් බ්ලූමර් වැඩිදුරටත් පවසයි.

පැහැදිලි අහසක් වේනම්, ඉහත කී දර්ශන නැරඹීම පහසුවනු ඇත. එහෙත් එම අපූරු දුර්ලභ දසුන් නැරඹීමට අවශ්‍ය නම්, අපි කඩිනම් වියයුතු වෙමු. ග්‍රහයන් සිතිජයේ ගිලී සැඟව යාමට පෙර එය නෙතින් අල්ලා ගැනීම සඳහා අපට ඇත්තේ පැයකට සීමා වූ කාල කවුළුවක් පමණි.

ඒ සඳහා හොඳ සැලැස්මක් තිබිය යුතුය. එසේම රාත්‍රි කීපයක් ග්‍රහතාරකා පිහිටීම නිරීක්ෂණය කළ යුතුය. එය සුන්දර විනෝදජනක කාර්යයකි. දෙසැම්බර් මාසයේ අපූරු අහස් දසුනෙහි පිහිටීම අපි දනිමු. එය හිරු අවරගිරෙහි සැඟව යාමෙන් හෝරාවකට පසු නිරිතදිග සිතිජයයි. (south-west horizon)

මේ සඳහා තවත් වාසිදායක සංසිද්ධියක් ද ඇත. එනම්, දෙසැම්බර් 21 යනු හරියටම දක්ෂිණායන දිනය වීමය. තාරකා විද්‍යාත්මකව, එදින දකුණු අර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුවේත් උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේත් පළමු දවස වෙයි.

Text copied by bbc sinhala

Tags: