ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව පාත්ෆයින්ඩර් සමුළු වාර්තාව ජපන් තානාපති අතට

Spread the love

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන දින තුනක විශේෂ ඔන්ලයින් සමුළුවක් පාත්ෆයින්ඩර් පදනම පසුගිය දා පැවැත්වීය. රටවල් තිස් හයක රාජ්‍ය නියෝජිතයෝ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් සහ තෝරා ගත් සංවිධානවල නියෝජිතයන් එකසිය පනහකට වඩා සහභාගී වූහ. දෙස් විදෙස් මාධ්‍ය වලට පවා එය විවෘත කරන ලදී.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ඇමරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලයිට්ස්, ජපානයේ තානාපති අකිරා සුගියාමා, මෙම සමුළුවේ සම සභාපති ධුරය හොබවන, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශන්කර් මෙනන් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක පළමු දිනයේ දී සාකච්ඡාවලට සහභාගී  විය. සමුදුර ආරක්ෂාව හා නාවික ගමනාගමනයේ නිදහස, ආසියානු කලාපයේ සබදතා තරකිරීම සහ ජාත්‍යන්තර සාමය බලවත් කිරීම මැයෙන් සංවාදය පැවැත්විණ. එම සමුළුවේ අවසන් වාර්තාව ජපාන තානාපති අකිරා සුගයාමා මහතා වෙත  පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නිල වශයෙන් බාර දුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි. මෙම ඔන්ලයින් සංවාදයේ සජීවී පටිගත කිරීම පහත දිගුවෙන් නැරඹිය හැකිය. https://www.facebook.com/pathfinderfoundation

Tags: