හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත්ගේ ජල ව්‍යාපෘතියට මුල්ගල තබයි

Spread the love

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ මැතිවරණ කොට්ඨාශයේ මඩුල්ල ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක්ව පැවැති පානීය ජලය ප්‍රශ්නයට විසඳුමක් ලැබි ඇත.

ඒ දිවංගත හිටපු සෞඛ්‍ය ඇමතිනී රේණුකා හේරත් මහත්මියගේ යෝජනාවක් අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට හැකිව ඇත. මෙම ජල ව්‍යාපෘතිය මගින් මඩුල්ල ප්‍රදේශයේ ජීවත් වන පවුල් දහසකට පමණ සෙත සැලසේ.

මෙම ජල ව්‍යාපෘතියේ මුල්ගල තැබීම සමගි ජනබලවේගයේ වලපනේ සංවිධායිකා නීතිඥ හිරණා හේරත් මහත්මිය, පොදුජන පෙරමුණේ සී. බී. රත්නායක මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Tags: