ඉන්දීය ගොවීන් දිල්ලිය වටලයි – මෝදිගේ කෘෂිකර්මික ප්‍රතිසංස්කරණවට විරෝධය
- RSL
- December 3, 2020
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
‘ලොකු මාළු කුඩා මාළු කනවා සේම, මහා ව්‍යාපාරිකයන්ද දැන් අපව ආහාරයට ගනු ඇතැයි‘‘ ඉන්දියාවේ අගනුවර වන දිල්ලියෙන් පිටත කඳවුරු බැඳ සිටින ගොවියෙකු වන රාකේෂ් වියාස් පවසයි.
අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානාහි වියාස් වැනි ගොවීන් දස දහස් ගණනක් දැන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ රජය සමඟ දැඩි ගැටුමක පැටලී සිටින අතර වෙළඳපොල හිතකාමී නීති තුනක් අවලංගු කරන ලෙස ඉල්ලා සිටිති.
එකට ගත් කල, විවාදාත්මක ප්‍රතිසංස්කරණ මඟින් ගොවි නිෂ්පාදන විකිණීම, මිල කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති ලිහිල් කරනු ඇත.දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීන් නොසැලකිලිමත් නිදහස් වෙළඳපොලකින් ආරක්ෂා කර ඇති නීති ඉවත් වන බව මෙහි සරල අදහසයි.
සතියකට ආසන්න කාලයක් තිස්සේ විරෝධතා දැක්වූ ගොවීන් සහ ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම්වලට පොලිසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ඔවුන් දිල්ලි නගරයෙන් පිටතට පන්නා දමා තිබේ. මේ තත්ත්වය තුළ නගර සීමාවෙන්ටත ගොවීන් කඳවුරු පිහිටුවා ගෙන ඇත.
“මෙම විරෝධතාවය අද්විතීයයි. එය දේශපාලනය හෝ ආගම විසින් මෙහෙයවන දෙයක් නොවෙයි. ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයි” යැයි ආහාර හා වෙළඳ ප්‍රතිපත්ති විශ්ලේෂක දේවින්දර් ෂර්මා (Devinder Sharma, a food and trade policy analyst) පවසයි.
ඉන්දියාවේ ගොවීන් වසර ගණනාවක් තිස්සේ උණුසුම් වෙමින් සිටී. ඉන්දියානුවන්ගෙන් අඩකට වඩා ගොවිපලවල්වල වැඩ කරන නමුත් ගොවිතැන රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකක් (6/1) පමණ වේ.
ඵලදායිතාව අඩුවීම සහ නවීකරණයේ ඌනතාවය දිගු කලක් තිස්සේ කෘෂිකර්මාන්තයේ ප්‍රගතියට බාධාවක් වී ඇත. . ගොවිතැනෙන් ලැබෙන ආදායම මෙන්ම බිම් ප්‍රමාණයද අඩු වෙමින් පවතී. මිල ගණන් දරුණු ලෙස අක්‍රමවත් විය හැකි අතර අතරමැදියන් කාටල් සාදමින් ලාභයෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගනී.
“දීර්ඝ කාලයක් තිස්සේ ගොවීන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කෝපය වැඩි වෙමින් පැවතුණා. නව නීතිවලට එරෙහි මෙම විරෝධතා සමග එය ශක්තිමත් ලෙස එළියට පැමිණ තිබෙනවා” යැයි ෂර්මා මහතා පවසයි.

ඉන්දියාවේ ගොවීන් පැමිණිලි නොකළ යුතුය
රජය ඔවුන්ට නොමසුරුව සහනාධාර, ආදායම් බද්දෙන් නිදහස් කිරීම සහ බෝග රක්ෂණය ලබා දෙයි. බෝග 23 ක් සඳහා මිල ගණන් සහතික කර ඇති අතර ණය ගෙවීමට නොහැකි වූ විට ණය නිදහස් කරනු ලැබේ.
“මහා ව්‍යාපාර සමඟ ඍජුව ගනුදෙනු කරන ලෙස දැන් ආණ්ඩුව අපෙන් ඉල්ලා සිටිනවා. නමුත් අපි මෙය මුලින් ඉල්ලා සිටියේ නැහැ. ඉතින් ඔවුන් අපට මෙහෙම කරන්නේ ඇයි?” වියාස් මහතා ප්‍රශ්න කරයි.
මෙම කෝපයේ මුල ඉන්දියානු ගොවීන් වෙළඳපල ප්‍රතිසංස්කරණ කෙරෙහි දක්වන ගැඹුරු අවිශ්වාසයයි.
ඉන්දියාවේ ගොවීන් බොහෝ දුරට කුඩා ඉඩම් හිමියන් වන අතර ඔවුන්ගේ ආදායම අඩු අතර ඵලදායීතාවය ආන්තිකය. ඔවුන්ගෙන් 68% ක් සතුව අක්කරයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක් ඇත. භෝග සඳහා සහතික කළ මිල සහයක් ලැබෙන්නේ ඔවුන්ගෙන් 6% කට පමණක් වන අතර ගොවීන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් තම නිෂ්පාදන වෙළඳපොලේ විකුණති.
ගොවීන්ගෙන් අඩකට වඩා, ආර්ථික විද්‍යාඥයෙකුගේ වචනවලින් කිවහොත්, “විකිණීමට පවා ප්‍රමාණවත් නිෂ්පාදනයක් කරන්නේ නැත”.
ජනාකීර්ණ හා දුප්පත් උතුරු ප්‍රාන්තය බිහාර් හි අසීමිත පෞද්ගලික වෙළඳාමට ඉඩ දී ඇතත් එහි පෞද්ගලික ගැනුම්කරුවන් සිටින්නේ ස්වල්පයක් පමණි. කොන්ත්‍රාත් ගොවිතැන සඳහා ඉන්දියාවේ ප්රයත්නය ඉතා අශෝභන වන අතර ප්‍රධාන වශයෙන් සීමිත වෙළඳ බෝග කිහිපයක් පමණක් වගා කරයි.
ගොවීන් විශාල පිරිසකගේ ආදායම අඩුවීම පුදුමයක් නොවේ. 2016 ආර්ථික සමීක්ෂණයට අනුව, ඉන්දියාවේ ප්‍රාන්තවලින් අඩකට වඩා ගොවි පවුලක සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් 20,000ක් (ඩොලර් 271ක්) විය.
“බොහෝ බෝග ගනුදෙනු දැනටමත් පෞද්ගලිකව තිබියදීත් ගොවීන්ගේ ආදායම එතරම් අඩු නම් ජනතාව වෙළඳපල කෙරෙහි විශ්වාස කරන්නේ කෙසේද?” ෂර්මා ප්‍රශ්න කරයි.

දිගු කලක් තිස්සේ ගොවීන් තම භෝග රජය විසින් නියාමනය කරන ලද තොග වෙලඳපොලවල් 7,000ක හෝ රට පුරා “මැන්ඩිස් – mandis ” තුළ විකුණා ඇත.
ඒවා මෙහෙයවනු ලබන්නේ ගොවීන්, බොහෝ විට විශාල ඉඩම් හිමිකරුවන්, වෙළඳුන් හෝ “කොමිස් නියෝජිතයන්” යන අයගෙන් සමන්විත කමිටු විසිනි. ඔවුන් විකුණුම් තැරැව් කිරීම, ගබඩා කිරීම හා ප්‍රවාහනය සංවිධානය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරයි. නව ප්‍රතිසංස්කරණ මඟින් ගොවීන්ට මෙම වෙළඳපලවල් මත අඩු විශ්වාසයක් තබා ගැනීමට සහ ඔවුන්ගේ ආදායම වැඩි දියුණු කිරීමට පොරොන්දු වේ.
නමුත් ගොවීන්ට එය ඒත්තු ගැන්වී නැත.
“අපට අපේ ඉඩම් අහිමි වේවි. ඔබ මහා ව්‍යාපාරිකයන්ට මිල තීරණය කිරීමට සහ බෝග මිලදී ගැනීමට ඉඩ දුන්නොත් අපට අපගේ ආදායම අහිමි වේවි. අපි මහා ව්‍යාපාරිකයන් විශ්වාස කරන්නේ නැහැ. නිදහස් වෙළඳපොලවල් වැඩි නියාමනයක් ඇති රටවල සාර්ථක විය හැකියි. නමුත් එමගින් දූෂිත වෙළෙදපොළ ක්‍රමයක් ඇති අපට යහපතක් විය නොහැකියි ” ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙකු වන ගුර්නාම් සිං චාරුනි පැවසීය.
ඉන්දියාවේ ගොවිතැන ප්‍රතිසංස්කරණය කිරීම අතිශය සංකීර්ණ අභියෝගයකි.
එක් අතකින්, ජනගහනයෙන් විශාල කොටසක් වන විශාල හා කුඩා ගොවීන් සහ ගොවිපලවල්වල වැඩ කරන ඉඩම් නොමැති අයට හොඳ ආදායමක් සහතික කළ යුතුය.

අනෙක් අතට, ආහාර සුරක්ෂිතතාවය සහ ගොවිතැන පරිසරයට ඇති කරන බලපෑම පිළිබඳව බරපතළ ප්‍රශ්න තිබේ.
උදාහරණයක් ලෙස පන්ජාබ්, හර්යානා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ගොවීන් භූගත ජලය ක්ෂය කරන තිරිඟු, වී සහ උක් වැනි සහනාධාර සහිත, ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බෝග නිපදවීමෙන් යම් ලාභයක් ලබා ගනිති.
මේ අතර වැටුප් රහිත ගොවිතැනෙන් ඉවත් වන මිනිසුන් වැටුප් සහිත කර්මාන්තශාලා රැකියා වෙත යාමේ අභියෝගය ද ඇත. එහෙත් රැකියා කොහේද ? එවැනි විශාල වෙනසක් හුදකලා ප්‍රතිසංස්කරණවලින් තෘප්තිමත් කළ නොහැකි බව විශේෂඥයින්ගේ අදහසයි. විශේෂයෙන් කෘෂිකර්මාන්තය මත තවමත් රඳා පවතින රටක එය මහත් අභියෝගයකි.
කොවිඩ්-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා මෝඩි පාලනය පසුගිය මාර්තු මාසයේදී පැය හතරක දැනුම්දීමකින් ඉන්දියාවට අගුලු දැමූ විට, රැකියා විරහිත කම්කරුවන් මිලියන ගණනක් නගරවලින් පිටතට පැමිණ තම ගොවිබිම්වල රක්ෂාව සඳහා ආපසු ගියහ. අඩු ඵලදායිතාව තිබියදීත්, බොහෝ ඉන්දියානුවන්ගේ එකම ආරක්ෂාව තවමත් ඉඩම් බව මෙයින් පැහැදිලි වේ.
” ඔබ එය කළ යුත්තේ කෘෂිකර්මාන්තය සඳහා ආයෝජනය කිරීම සහ ක්ෂේත්රයෙන් බැහැර ජීවනෝපායන් නිර්මාණය කිරීමෙනි” යනුවෙන් සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය මේඛාල ක්‍රිෂ්ණමූර්ති පවසයි.
දැන් පැහැදිලිව පෙනෙන දෙය නම් අගමැති නරේන්ද්‍ර මොදිගේ ගොවි ප්‍රතිසංස්කරණ දුර්වල ලෙස පිළිසිඳ ගත් බවයි. ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් උපදෙස් නොගෙන වසංගතයක් තුළට ඔවුන්ව තල්ලු කිරීම ඉන්දියාවේ ෆෙඩරල් සම්ප්‍රදායන්ට එරෙහිවෙ ගමන් කරයි.
යෝජිත විධිවිධානය තුළ පෞද්ගලික ගැනුම්කරුවන් සමඟ ඇති වන ආරවුල් විසඳීම සඳහා ප්‍රමාණවත් මාර්ග නොමැති බවට ගොවීහූ පැමිණිලි කරති. තවත් අය කල්පනා කරන්නේ විවෘත වෙළඳපොල පද්ධතියක් තුළ ගනුදෙනු සහ මිල ගණන් සොයා ගන්නේ කෙසේද යන්නයි.
මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පවසන්නේ “මෙම නීතිවලට ප්‍රමාණවත් නියාමනයකින් සහාය නොදක්වයි. ඔබ සියලු ගැටළු වලට විසඳුම් ලබා නොදී ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කළ විට ඒවා අවිනිශ්චිතතාවයක් හා ව්‍යාකූලත්වයක් ඇති කරයි”
ෂර්මා මහතා වැනි ප්‍රවීණයන් පවසන්නේ නම් කරන ලද තොග වෙලඳපොළවල් ඉවත් කිරීම වෙනුවට, රට ආවරණය කිරීම සඳහා ඒවා වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතු බවයි.
සහතික කළ ආධාරක මිල ගොවියාට “නෛතික අයිතියක්” බවට පත් කළ යුතු බවත්, පුළුල් පරාසයක භෝග ආවරණය වන පරිදි ඒවා දීර්ඝ කළ යුතු බවත් ඔහු පවසයි.
උදාහරණයක් ලෙස කේරළය ගොවීන්ට නිෂ්පාදන පිරිවැය සහ එළවළු වර්ග දුසිමකට වඩා 20%ක ප්‍රමාණයක් ගෙවීමට තීරණය කර තිබේ. අවසාන වශයෙන්, ඉඩම් නොමැති ගොවීන්ට සෘජු ආදායම් ආධාර වැඩි කළ යුතුය. ඔවුන්ට දැන් මසකට රුපියල් 6,000 ක් ලැබේ.
කතාවේ සදාචාරය නම් පාර්ශවකරුවන් හා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඉන්දියානු කෘෂිකර්මාන්තයට ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.
“කෘෂිකාර්මික වෙළඳපොල ප්‍රතිසංස්කරණ දේශපාලනිකයි” මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පවසයි.
“ඔබේ පිඟානේ ඇති ආහාර කිසි විටෙකත් ලෝකයේ ඕනෑම තැනක නිදහස් වෙළඳපොලක නිෂ්පාදනයක් නොවේ‘‘
2020 දෙසැම්බර් 03 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

