කොවිඩ් මරණ 09ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ආසන්නයේ
- RSL
- November 22, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (21) දින කොවිඩ්-19 ආසානය වීමෙන් පුද්ගලයින් 09 දෙනකු මිය ගිය බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 23.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (21) දින ප.ව 22.40ට නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දින තුළ නව කොවිඩ්-19 ආසාදිතයින් 487 දෙනකු වාර්තා වූ බවයි. මේ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,252 දක්වා ඉහළ ගිය බව ද එම වාර්තා වේ වැඩි දුරටත් සදහන් වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියට අනුව අද දින අවසන් වන විට ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොඩිව්-19 ආසාදිතයින් සංඛ්‍යාව 19,771ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6098ක්. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 480 දෙනකු සිටින අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,590කි.


