PCR පරීක්‍ෂණය කළොත් සති 02ක නිරෝධායනය අනිවාර්යයි
- RSL
- November 17, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
PCR පරීක්‍ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.
මෙම නව තීන්දුව ගැනීමට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවයි.
“අපි කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා පැවැත්වූවන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පවත්වනවා. ඒත් පී.සී.ආර් පරීක්ෂණයකට යටත් වීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. එනිසා පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වන අය, පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෘණවූවත් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අනිවාර්ය වෙනවා. ඔවුන්ගේ දින 14 ක නිරෝධායන කාලයෙන් පසුව තවත් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වී එය සෘණ අගයක් ගත් පමණින් යමෙකු නිරෝගී බවක් අදහස් වෙන්නේ නෑ. යමෙකුට රෝග ලක්ෂණ පහළ වී නොතිබුණත් ඔවුන් සංචරණය සීමා කළ යුතුයි. එසේ නොවුවහොත් රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වේවි“ යයිද වෛද්‍ය සමරවීර මහතා වැඩි දුරටත් සදහන් කළේය.

