ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ
- RSL
- November 12, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින (12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.
නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහසම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම අංශය 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව (එස්එල්ඒ) ලෙස නම් කර ඇත.
එහිදි අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණික දියුණුව හා නව අභියෝග සඳහා හමුදාව සූදානම් කිරීමට සූදානම්ව සිටින අවස්ථාවක යුද තත්ත්වය, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, ගංවතුර වැනි මෘදු මෙහෙයුම් ප්‍රවණතා සලකා බලමින් උදාහරණයක් ලෙස COVID-19 වැනි වෙනත් ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ යුධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගය’ අත්වැල් බැඳ ගත යුතු බැවින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කළ බවය.
මෙම අවස්ථාවට කාලතුවක්කු රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ අතුලු නිලධාරී ඇතුලු විශාල පිරිසක් සහභාගි වි සිටියහ..

