Update: මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළට – අද දින මරණ 04ක්

Spread the love

අද (11) දින 46වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද  PCR පරික්ෂණයෙන් ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය

අද (11) දින තවත් කොවිඩ්-19 ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මිය ගොස් ඇත්තේ 40 සහ 45 වැනි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

මියගිය එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇති වු හෘදයාබාධයකි.

අනෙක් පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු නොවැම්බර් මස පළමු වන දින හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. කොවිඩ් ආසාදනය උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

Tags: